අසාධ්‍ය කොවිඩ් රෝගීන් හට ලබාදීම සඳහා මාසිකව තවත් ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ලීටර 360,000 ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මීට පෙර අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට ලබාදීම සඳහා මාසිකව ඔක්සිජන් ලීටර 120,000 ක් ආනයනය කර ගබඩා කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබුණා.
කෙසේ වෙතත් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බැවින් ආනයනය කරන මෙම ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ප්‍රමාණය ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මීට පෙර ආනයනය කරන ලද ඔක්සිජන් ලීටර 120,000 ට අමතරව තවත් ඔක්සිජන් ලීටර 360,000 ක් ආනයනය කෙරෙනු ඇති.
නව තීරණයත් සමඟ මෙරටට මාසිකව ගෙන්වන ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ප්‍රමාණය ලීටර 480,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.