28 C
Colombo
Saturday, July 27, 2024

මුස්ලිම් විවාහ නීතියට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය

- Advertisement -

ශ්‍රී ලංකාවේ විවාහ ලියාපදිංචි කිරීමේ ආඥ පනත යටතේ මුස්ලිම්වරුන්ට විවාහ වීමට අවසර දෙන යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව ඉස්ලාම් ආගම අදහන්නන් විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ විවාහවීමට අදහස් කරනු ලබන්නේ නම් යන කොන්දේසි මත සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියට අනුව ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතයන් හෝ උපන් ස්ථානය යන කරුණු පදනම් කරගෙන කිසිදු පුරවැසියෙකුට වෙනස්කම් කිරීම නොකළ යුතුය.

කෙසේ වෙතත්, මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට කාන්තාවන්ට වෙනස් කොට සැලකීමේ විධිවිධාන ඇතුළත් වේ.

මුස්ලිම් ප්‍රජාවට අයත් විවිධ කාන්තා සංවිධාන සහ මුස්ලිම් නීති විශාරදයින් එවැනි විධිවිධාන නීතියෙන් අවලංගු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇතැයි රජය පෙන්වා දී තිබේ.

එබැවින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ විවාහය හා දික්කසාදය පාලනය කරන පොදු නීතිය යටතේ මුස්ලිම් ප්‍රජාවේ ජනතාවගේ විවාහය සහ දික්කසාදය පාලනය කිරීම සඳහා විකල්ප අවස්ථා ලබා දීම සුදුසු බව රජය සදහන් කරයි.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය පැවැත්වීම ගැන චන්ග් සතුටින්

මැතිවරණ කොමිසම විසින් සැප්තැම්බර් 21 වැනිදා මෙරට ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානපති ජුලී චන්ග් සිය ප්‍රසාදය පළකර තිබෙනවා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සඳහා...

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...