26 C
Colombo
Wednesday, February 19, 2025

භාණ්ඩ 600ක බදු වැඩි කරන්නැයි කබ්රාල්ගෙන් ඉල්ලීමක්

- Advertisement -

මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය  ඇතුළු  අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා  රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු මෙම ඉල්ලීම කර ඇත්තේ එම සුඛෝපභෝගී භාණ්ඩ  පිළිබඳ සම්පූර්ණ ලේඛනයක්ඉදිරිපත් කරමිනි.

රටේ මූල්‍යමය ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇති බව එහි ආරංචිමාර්ගවලින් පැවසේ.

මේ අනුව  එම භාණ්ඩ ආනයනය අධෛර්යමත් කිරීම සඳහා ඒවා මත පනවනු ලැබ ඇති  බදු යම් පමණකින් හෝ  වැඩිකිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි දැනගන්නට ඇත.

අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ  තවත් තිබේදැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ දිනවල  කරුණු අධ්‍යයනය කර ගෙන   යන බව වාර්තා වේ.

මේ අතර තෝරාගත් අත්‍යාවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීමට ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  පසුගිය කාලයේදී ප්‍රකාශයට පත් කරනු ලැබීය.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES