28 C
Colombo
Friday, May 31, 2024
spot_img

දිපු හාල් ගනිපු නැති අය ගැන වාර්තාවක් කැඳවලා

- Advertisement -

දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින නමුත් රජය නොමිලේ ලබාදෙන සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් අදාළ වාර්තාව සකස් කරමින් පවතින අතර එම වාර්තාව ලබන සතිය වන විට තමා වෙත ලැබීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළා.

නොමිලේ සහල් ලබා දීම සිදු කළේ මෙරට වෙසෙන වඩාත් ම දිළිඳු පවුල් ඉලක්ක කරගෙන වන අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට එය අනිවාර්යයෙන්ම හිමි වන බව සේමසිංහ මහතා පැවසුවා.

නමුත් අදාළ සහල් ලබා ගැනීම සඳහා එම ස්ථානවලට යාමේ අවශ්‍යතාව පවතින බැවින් කිසියම් පාර්ශ්වයක් වංචා සහගත ලෙස අස්වැසුම ලබා ගන්නේ නම් සිය අනන්‍යතාව හෙළිවේයැයි යන සැකය මත කිසිවකු එය ලබා ගැනීමට ඉදිරිපත් නොවූවේ නම් එය හඳුනා ගැනීම සඳහා මෙම වාර්තාව පහසුවක් වනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

පාලිතගෙන් සඳුදා විශේෂ ප්‍රකාශයක්

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ සහ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දිගු කිරීම සම්බන්ධයෙන් තමා කළ ප්‍රකාශය ගැන ලබන සඳුදා(03)විශේෂ ප්‍රකාශයක් සිදුකරන බව...

සහකාර රේගු අධිකාරීවරයෙකු කොටුවේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සමග සහකාර රේගු අධිකාරිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ මධ්‍යම දූෂණ අපරාධ කාර්යාංශය විසින් සැකකරු මෙලෙස කොළඹ කොටුව ප්‍රදේශයේදී...

රටබීම හලක කළමනාකරු ඝාතනය කරලා

බිබිල නගරයේ පිහිටි රටබීම අලෙවිසැලක කළමනාකාරවරයකු එහි පහත මාලයේ ඝාතනය කර තිබියදී ඔහුගේ සිරුර අද (30) සොයාගත් බව බිබිල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පවසනවා. 2023 උසස් පෙළ විභාගය සඳහා...

උසස් පෙළ දරුවන්ට සුබ පණිවිඩයක්

අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල...

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තිය සමිති දැනට පවත්වාගෙන යන වෘත්තිය ක්‍රියා මාර්ගයෙන් ඉවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ වෘත්තිය...