දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම්ව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවති සාකච්ඡාවකදී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,
