29 C
Colombo
Sunday, June 4, 2023

පිටරට අධ්‍යාපනයට සල්ලි යවන්න බෑ – දෙමාපියන් කණස්සල්ලෙන්

- Advertisement -

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිටරට යැවීමට නොහැකිව ඇති බව විදෙස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ දෙමාපියන් සඳහන් කර සිටිනවා.

එමෙන්ම විදෙස් අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇති සිසුන්ට ඒ සඳහා විශ්ව විද්‍යාලයට ගෙවීමට ඇති මුදල්ද ගෙවීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඩොලර් පිටරටට යැවීම නතර කිරීමේ ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් විදේශ විශ්වවිද්‍යාල වලට යැවීමට මුදල් ලබා ගැනීම මෙරට බැංකු විසින් නවතා ඇති බවද එබැවින් දැනට විදෙස් ගතව සිටින සිසුන් මෙන්ම විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන්ද දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

වීසා ලබා ගැනීම අපහසු කාර්‍යක් බැවින් එම වීසා අවලංගු වීමේ අවදානමක් පැවතීම බරපතල තත්වයක් බවට පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙසේ අධ්‍යාපනය ලබන සිසුන් අධ්‍යාපනයෙන් අනතුරුව විදෙස් විනිමය ඉපයීමට දායක වන බැවින් විදෙස් විනිමය ඉතිරිකර ගැනීමට යැයි පවසා ගන්නා මෙවැනි ක්‍රියාමාර්ග අනාගතයේ මෙරටට ලැබීමට ඇති විදෙස් ව්නිමය නතර කරගන්නා අදූරදර්ශී ක්‍රියාමර්ගයක් බවයි.

RECENT ARTICLES - SINHALA

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...