29 C
Colombo
Saturday, July 27, 2024

හිටපු ජනාධිපතිවරයාට කාදිනල් උතුමන් ප්‍රසිද්ධියේ බැණ වදියි (විඩියෝ)

- Advertisement -

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් වරදකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එළැඹෙන ජනාධිපතිවරණයටද තරඟ කිරීමට සූදානම්වන්නේ රෙදි ඇඳගෙනදැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටිනවා.

උන්වහන්සේ මේ බව පැවසූයේ අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී පැවති පාස්කු ඉරුදින දේවමෙහෙයෙන් අනතුරුවයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ද ඇතැම් පුද්ගලයින් මේ වන විට පාර්ලිමේන්තුවේද නිදැල්ලේ සැරිසරන බවත් මේ සම්බන්දයෙන් ආණ්ඩුව එළැඹෙන 21 වනදාට පෙර නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් දැඩි ක්‍රියාමාර්ගයකට යොමුවන බවත් කාදිනල් හිමියන් මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා සිටියා.

කොමිෂන් සභාවක් හරහා මීට අදාල වගකිව යුතු පුද්ගලයින් නම් කර තිබෙන තත්ත්වයක් තුළදීත් ඔවුනට දඩුවම් නොදී ආණ්ඩුව ඔවුන්ව තෝරා බේරා ආරක්ෂා නොකල යුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

ඊට අදාළ දර්ශන පහතින්,

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...