29 C
Colombo
Saturday, July 27, 2024

කැරොලයින් ජූරිගේ ලෝක විවාහක රූ රැජින කිරුළ අහිමි වෙයි? (වීඩියෝ)

- Advertisement -

ඊයේ (04) රාත්‍රියේ පැවති Mrs. Sri Lanka තරඟාවලියේ අවසන් වටයේ තරඟයේදී ඇතිවූ සිදුවීමත් සමඟම පසුගිය වසරේ ලෝක විවාහක රූ රැජිණ බවට පත්වූ කැරොලයින් ජූරි මහත්මිය මේ වන විට අර්බුද රාශියකට මුහුණ දී තිබෙනවා.

ඇය විසින් ප්‍රසිද්ධියේ තමන්ට අපහාස කිරීම හා ශාරීරික වධහිංසා කිරීම පිළිබදව පුෂ්පිකා ද සිල්වා මහත්මිය මේ වන විට පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන විමර්ශනයට කටඋත්තරයක් ලබාදීම සඳහා පොලීසියට පැමිණෙන ලෙසට ඇයට දැනුම්දීමට පොලීසිය විසින් ලබාදෙන ලද දුරකතන ඇමතුම්වලට හෝ ඇය ප්‍රතිචාර නොදක්වන බවට තොරතුරු වාර්තා වනවා.

කැරොලයින් ජූරි මහත්මිය විසින් පුෂ්පිකා මහත්මියට පළදවා තිබූ කිරුළ ගලවා ගැනීමේදී ඇයගේ හිස් කබලට සිදුවූ හානි හේතුවෙන් පුෂ්පිකා මහත්මිය මේ වන විට රෝහල්ගත කර තිබෙනවා.

එමෙන්ම Mrs. Sri Lanka තරඟාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසන්නේ කැරොලයින් ජූරි මහත්මියට සිය ලෝක විවාහක රූ රැජින කිරුළද අහිමිව යෑමේ අර්බුදයක් ඇතිව ඇති බවයි.

මේ සම්බන්දයෙන් වන විමර්ශනයන් සඳහා තමන්ද පොලීසියට සහය වන බවත්, කැරොලයින් ජූරි මහත්මියගේ හැසිරීම ඇයගේ සැමියා පවා ප්‍රතික්ෂේප කර තිබෙන බවත් චන්දිමාල් මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

මෛත්‍රිගෙන් දයාසිරියට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...