33 C
Colombo
Friday, May 3, 2024

නයන්තාරාට නඩුවක්

- Advertisement -

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ, ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන  ‘Annapoorani’ හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් මෙලෙස ඇයට එරෙහිව නඩු පවරා ඇති බවයි.

ඒ අනුව ‘Annapoorani’ චිත්‍රපටයේ අධ්‍යක්ෂක Nilesh Krishnaa, නිෂ්පාදකයින් වන Jatin Sethi සහ R Ravindran සහ Netflix India හි ප්‍රධානීMonika Shergill ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට මෙලෙස චෝදනා එල්ල කර තිබෙනවා.

මෙම චිත්‍රපටය 2023 වසරේ දෙසැම්බර් මස පළමු වනදා ප්‍රදර්ශනය ආරම්භ කළ අතර දෙසැම්බර් 29 වනදායින් පසුව එය Netflix ප්‍රදර්ශනය ආරම්භ කර තිබුණා.

කෙසේවෙතත්, පොලිසියට ලද පැමිණිලි හමුවේ ‘Annapoorani’ චිත්‍රපටය Netflix හි ප්‍රදර්ශනය කිරීම  තාවකාලිකව නවතා තිබෙනවා.

එහි අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත්තේ ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රකාශ ඉවත්කිරීමෙන් අනතුරුව එය නැවත ප්‍රදර්ශනය සිදුකරන බවයි.

RECENT ARTICLES - SINHALA

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින දෙයි

අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල්...

ID 2ක් හදන්න ව්‍යාජ ලේඛන දුන් පුද්ගලයෙක් පොලීසිය සොයයි

ජාතික හැඳුනුම්පත් දෙකක් සකස් කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින්...

ලාල් කාන්ත සමාජවාදය අතහැරලා නම් සතුටුයි – පාඨලී

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...