උත්සව සමයේ පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙදුන් 726 කුට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුලු වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරන බව එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා සඳහන් කළා.
වසරේ ගතවූ කාලසීමාව තුළ වෙළෙඳ පොළ වැටලීම් 7,627 ක් සිදුකර තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.