34 C
Colombo
Friday, May 3, 2024

මහ බැංකුවේ හොරු අල්ලන්න – කොටුව මහේස්ත්‍රාත් පොලීසියට දන්වයි

- Advertisement -

මහ බැංකුවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්‍ෂිත කාමරයක ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා කොටුව පොලීසියට ඊයේ (18) නියෝග කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ඉදිරිපත් කළ බී වාර්තාව සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මේ බව නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

මහ බැංකුවේ අධි ආරක්ෂිත කාමරයක ගබඩාකර තිබූ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දාහක බණ්ඩලයක අස්ථාන ගත වී ඇතැයි සඳහන් කරමින් මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධිකාරි එස්.ආර්. දයානන්ද මහතා ඉකුත් 11 වැනිදා මෙම පැමිණීල්ල ඉදිරිපත් කළ බවට කොටුව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

කොටුව පොලීසිය මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බැවින් අදාළ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 06 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

තවද මහ බැංකුවේ අධිආරක්ෂිත කාමරයේ ගබඩා කර තිබූ මෙම මුදල්වල අඩුවීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් කිහිප දෙනකුගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවත් එම ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව විමර්ශන ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන බවත් කොටුව පොලිසිය අධිකරණයට සිය බී වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විරෝධතාවයක් නිසා කොළඹ මාර්ගයක් අවහිර වෙයි

වෛද්‍ය පීඨ සිසුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් මේ වනවිට කොළඹ විහාරමහා දේවී උද්‍යානය අසල, අනගාරික ධර්මපාල මාවත සම්පූර්ණයෙන් වාහන ගමනාගමනයට අවහිර වී තිබෙනවා. මේ හේතුවෙන් එහි...

ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක් අධිකරණයට කැඳවයි

පල්ලෙකැලේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියකදී මුදලට තරග පාවා දීමට ක්‍රීඩකයන්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර යෝගි පටෙල්ට ලබන 14...

කොත්තු, රයිස් මිලත් පහළට

ගෑස් මිල පහළ යාමත් සමග ආහාර වර්ග කිහිපයක මිල පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම සංගමයේ සභාපති, හර්ශන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...