31 C
Colombo
Saturday, July 27, 2024

ජෝසප් ස්ටාර්ලින්ට CCD යෙන් යළිත් කැඳවීමක්

- Advertisement -

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා හට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙසට කැඳවීමක් කර තිබෙනවා.

ඒ පසුගියදා පැවති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමටයි.

ජෝසප් ස්ටාර්ලින් මහතාව මීට පෙර උද්ඝෝෂණක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මීට දින කිහිපයකට පෙර මුදාහැරුණා.

මේඅතර ඊයේ (13) රාත්‍රි 11ට පමණ අරගල භූමියේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ කොස්වත්තේ මහානාම හිමි වැඩ සිටින විහාරස්ථානය වෙත පොලීසිය පැමිණ තිබෙනවා.

විහාරස්ථානයේ ගේට්ටුව විවෘත නොකිරීම හේතුවෙන් එම නිලධාරීන් පිරිස ආපසු හැරීගොස් අතර නැවත වරාය පොලීසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා සිවිල් ඇදුමෙන් සැරසී පන්සල වෙත අද (14) උදෑසන පැමිණි බවයි වාර්තා වන්නේ.

ජනාධිපති මන්දිරයට අයුතු ඇතුල්වීමේ චෝදනාවට කටඋත්තරයක් ලබාගැනීමට යැයි පවසා උන්වහන්සේව රැගෙන යාමට උත්සහ දරා තිබෙනවා.

කෙසේවෙතත් කොස්වත්තේ මහානාම හිමියන් නීතිඥවරයෙක් මාර්ගෙයෙන් පොලීසියට පැමිණෙන බව පොරොන්දු වූ පසුව වැඩබලන ස්ථානාධිපති විහාරස්ථානයෙන් නික්ම ගොස් තිබුණා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට සහය ගන්න සුසිලුයි සාගලයි මහින්ද හමුවෙලා

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරෙමුණේ සහය ලබා ගැනීම පිලිබදව සාකච්ඡාවක් අද (27) විජේරාම නිල නිවසේදී පවත්වා තිබෙනවා . ඒ...

දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක යෝග්‍යතාව පරික්ෂා කිරීමේ...

ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වෙනවා කියලා කලින්ම දැනගෙන හිටියා – රනිල්

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක්වන බව තමන් පෙර සිටම දැන සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් ක‍ළේ, ඒ බව තමා විසින් ගෝඨාභය...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...