27 C
Colombo
Sunday, November 3, 2024

ශම්මිට වාරණයක්

- Advertisement -

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ වැඩබලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්තට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කළුතර කායවර්ධන ක්‍රීඩා සමාජයේ සභාපති හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු උපදේශක අනුර වීරසිංහ මහතා විසින් ශම්මි සිල්වා හා වැඩ බලන ලේකම් ක්‍රිශාන්ත කපුවත්ත මහත්වරුන්ට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා  විනිසුරු සඳුන් විතාන මහතා අද (15) මෙම වාරණ නියෝගය නිකුත් කළා.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ  දූෂණ සහ අක්‍රමිකතා ඇති බවට මාධ්‍ය සාකච්ඡාවක් කරමින් හෙළිදරව් කළ පැමිණිලිකරුගේ සේවය නීති විරෝධීව අත්හිටුවා ඇති විත්තිකාර සභාපතිවරයා අනීතිකව හා අත්තනෝමතිකව පැමිණිලිකරුට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

එම විනය පරීක්ෂණය වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඩිනාල් ෆිලිප්ස් මහතා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා විනය පරීක්ෂණයක් පැවැත්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කළා.

එමෙන්ම,  විත්තිකරුවන්ට  ලබන 29 දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද මෙහිදී විනිසුරුවරයා නොතීසි නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොලිසියෙන් නතර වුණ බස් රේස්

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ මගීන් රැගෙන අපරික්ෂාකාරී ලෙස ධාවනය කළ බස්රථ දෙකක රියැදුරන් දෙදෙනකුගේ රියැදුරු බලපත්‍ර පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු...

බස් අනතුරට හේතුව කාර්මික දෝෂයක්ද?

බදුල්ල, දුන්හිඳ බස් රථ අනතුර සිදුවූයේ කාර්මික දෝෂයකින්ද, නැතහොත් රිය ධාවනයේ අපරික්ෂාකාරී බව හේතුවෙන්දැයි සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ 34 දෙනෙකු...

මහමැතිවරණයේ ඡන්දෙ දාන විදිය මෙන්න

2024 මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව මොනරාගල, පොළොන්නරුව සහ කෑගල්ල මැතිවරණ කොට්ඨාසවල...

POPULAR ARTICLES

පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඔයා අබාන්ස් එකේද? – රනිල්

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තේරිම ජනතාවට අයිති වැඩක් බවත්, පාර්ලිමේන්තු සුද්ද කරනවා යනුවෙන් තර්ජනය කිරීම අගමැතිනියට යුතු නොවන බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මහනුවරදී...

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ලොහාන්ට අමාත්‍ය ධූරයක්

0
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (31) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණා. එහිදී මාධ්‍යවේදීන් මේ වන...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන කළ CID පරීක්ෂණවල දැන් තත්වය

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කළ විමර්ශනය පිළිබඳ නිරීක්ෂණ දෙන ලෙස පැමිණිලිකරුවන්ට දැනුම් දී තිබෙනවා. මානව හිමිකම්...