29 C
Colombo
Tuesday, April 23, 2024

මහ බැංකු ලොක්කෝ අද කැබිනට්ටුවට

- Advertisement -

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ප්‍රධානීන් අද (04) අමාත්‍ය මණ්ඩල හමුවට කැඳවා තිබෙනවා.

ඒ, මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් 70% කින් ඉහළ නංවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.

පසුගිය සඳුදා අමාත්‍ය මණ්ඩල රැස් වූ අවස්ථාවේදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් ඉහළ නංවාගැනීම සංවාදයට ගැණුනු අතර එහිදී තීරණය කර ඇත්තේ මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ප්‍රධානීන් අමාත්‍ය මණ්ඩලය හමුවට කැඳවීමටයි.

මේ අතර, මහ බැංකුවේ ප්‍රධානීන් හෙට( 05) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට සහ පක්ෂ නායක රැස්වීමකටද කැඳවා තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තුව හමුවේදී අනාවරණ වූ මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කරගැනීම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසීමටයි.

ඒ අනුව පක්ෂ නායක රැස්වීම හෙට පෙරවරු 10.30ට පැවැත්වීමට නියමිත අතර, ඉන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ මහ බැංකු නිලධාරීන් පෙනී සිටිමට නියමිත බවට වාර්තා වනවා.


RECENT ARTICLES - SINHALA

රාජ්‍ය ආයතන 05ක් මේ සතියේ කෝප් කමිටුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු රාජ්‍ය ආයතන 05ක ප්‍රධානීන් මෙම සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ...

ඉරාන ජනපති හෙට ලංකාවට

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්‍රහිම්...

ඉන්දීය සංචාරකයන් ගෙන්වන ශ්‍රී රාමායන් ට්‍රේල්ස්

ඉන්දු - ශ්‍රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික...

POPULAR ARTICLES

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

7 දෙනෙක්ට මරු කැඳවූ අනතුරෙන් පසුව DJ රාත්‍රියක්

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරඟාවලිය අතරතුර අද (21) සිදු වූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු මිය ගොස් 23 දෙනෙකු තුවාල ලැබුවා. මේ...