27 C
Colombo
Sunday, April 2, 2023

කොල්ලුපිටියෙ ආචාරියා’ රටේ ආර්ථිකය වැට්ටුවා – චම්පික

- Advertisement -

‍රට දරුණු ආර්ථික අර්බුදයට ගමන් කිරීමට ප්‍රධාන හේතුවක් වන්නේ රජය විසින් සිය ගජමිතුරන්ට ආර්ථික වාසි ලබා දීම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (11) දින පාර්ලිමේන්තුව අමතමින්.

ආනයන සීමා කිරීම හරහා දේශීය නිශ්පාදන දිරිගැන්වීමට අපේක්ෂා කෙරෙන බවට රජය විසින් ප්‍රකාශ කළද තහනම් කළ ආනයන වල සංයුතිය තුල පාරිභෝගික භාණ්ඩ ඇතුලත් වන්නේ 20%ක් පමණක් බවත් ඉන් 60%ක් අතරමැදි භාණ්ඩ සහ 20%ක් ආයෝජන භාණ්ඩ වන බවත් පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, කර්මාන්ත ක්ෂේත්‍රය හා වාණිජ ක්ෂේත්‍රයට මෙම අදූරදර්ශී ආනායන තහනමෙන් මරු පහරක් එල්ල වී ඇති බවයි.

“ඇත්ත හේතුව මොකක්ද? ඇත්ත හේතුව තමයි 2019 දෙසැම්බර් පළවෙනිදා ගෙනාවා අපි කවුරුත් දන්න ‘ආර්ථික පුනර්ජීවන පොට්ටනිය’. ඒමඟින් මොකද කළේ? ඒ මගින් මේ රටේ ඉහළම ධනපතියන්ට බදු සහනයක් ලබාදීලා ඒ බදු සහනයෙන් රාජ්‍ය ආදායම අඩකින් අඩු කර ගත්තා. ඒ විතරක් නෙවෙයි මේ රටේ වැඩකරන ජනතාවගේ EPF එක, ETF එක අඩු මුදලකට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වල දාලා ඒ වැඩ කරන ජනතාවගේ ධනය සූරාකාලා තමයි ව්‍යාපාරික පන්තියට කෘතිමව අඩු පොළියක් ඇති කරලා තියෙන්නේ.” යැයි ඒ මහතා පවසයි.

විදේශ ශ්‍රේණිගත ආයතන විසින් ශ්‍රී ලංකාවේ මට්ටම පහත හෙළීමට හේතුව වන්නේද මෙම ‘ආර්ථික පුනර්ජීවන පොට්ටනිය’ බවත් ඒ මහතා පවසනවා.

“මේ රටේ ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඒක පොඩ්ඩක් වෙනස් කරලා කිව්වොත්,
එකක් කඩතොළු මකා ගන්නට ගොසින් සිරිලකට වූ කාරියා
දෙකක් කඩතොළු තනා දුන්නයි කොල්ලුපිටියෙ ආචාරියා

කියලා කියන්න පුළුවන්. ආචාරියා කවුද කියලා කවුරුත් දන්නවා. දුන්නු දැවැන්ත බදු සහන නිසා රාජ්‍ය ආදායම කඩා වැටිලා. ණය ගෙවා ගන්නට බැරි තත්වයකට අද රට පත්වෙලා තියෙනවා.” යැයි ඒ යැයි හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පාර්භෝගික භාණ්ඩ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දෙන්නේ 2019ට සාපේක්ෂව එලවළු පළතුරු, කිරි ආහාර වල ආනයනය ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, සීනි 38%ක් සහ තෙල් හා මේද 237%කින් ආනයනය ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා. ආණ්ඩුවේ ගජමිතුරන්ට මෙම භාණ්ඩ වලින් ගසා කෑමට ඉඩ දීමේ ප්‍රතිඵලයක් ලෙසට මෙම තත්වය උදා වී ඇති බවටයි පාඨලී චම්පික රණවක මහතා චෝදනා කර සිටින්නේ.

“පටන් ගත්තෙම මේ රටේ නිර්ධන පංතිය ගැන කතා කරලා, රතු කොඩිය වනලා, වැඩ කරන ජනතාව ගැන කතා කරලා. හැබැයි, අද වැඩ කරන ජනතාවගේ අර්ථසාධකයට ගහලා ධනපතියන්ට අඩු ගානට පොලී ලබා දීලා තියනවා. ඒකෙන් මේ ආර්ථිකය වර්ධනය වෙලා නෑ. ඒ වගේම, ආනයන ක්‍රියාවලිය සීමා කරන්න ගහන ගැසට් ගහලා, රේගු නිලධාරීන්ට චෝදනා කරමින් කරන් යන්නේ මොකක්ද? තමන්ගේ ගජමිතුරු කල්ලියක් බිහි කර ගැනීම පමණයි. ආනයන සීමාවන් හරහා මේ රට තුල සිදු වෙමින් පවතින්නේ ජාතික මංකොල්ලයක්!” යැයි ඒ මහතා වැඩි දුරටත් පවසයි.

RECENT ARTICLES - SINHALA

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

වෘත්තිකයන් අවසන් තීරණයකට එන්න හෙට යළි රැස්වෙයි

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට වෘත්තීයවේදීන්ගේ සමිති එකමුතුවේ නියෝජිතයින් හෙට (03) යළි...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...