27 C
Colombo
Thursday, March 23, 2023

හෙළ උරුමයෙන් අස්වෙලා, චම්පිකලා හදන අලුත්ම බලවේගයේ විස්තර

- Advertisement -
  • වයස අවුරුදු 50-60 අතර නායකයන් එකතුකරයි
  • ගෝඨාභයගේ නිරුවත හෙළිවෙලාලු
  • නව බලවේගයක් ගොඩනගනවා, එහෙත් ඉක්මන් වෙන්නේ නැහැලු

චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉල්ලා අස් විය. ඒ සමගි ජන බලවේගයට එකතු වන බවට ඉඟි පළ කරමින්ය.

වාර්තාවන ආකාරයට ඉදිරියේදී ඉහත කී කණ්ඩායම සහ ඊට අමතරව නීතිඥ ශිරාල් ලක්තිලක ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය තුළ, වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියා කිරීමට නියමිතය. වයස අවුරුදු 50-60 අතර සිටින නායකයන් කණ්ඩායමක් ලෙස එම පිරිස සංවිධානය වීමට සැලසුම් කර සිටියි. කලා ක්ෂේත්‍රය, විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය, විශ්‍රාමික පරිපාලන නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රවල පිරිස් එම කණ්ඩායමට එකතු කරගැනීමට නියමිතය.

චම්පික රණවක මහතාට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති තනතුරක් හෝ, ඊට ආසන්න නායක මට්ටමේ තනතුරක් ලබාදීමට නියමිතය.

චම්පික රණවක මහතාට සමගි ජන බලවේගයෙන් ලබාදෙන තනතුර පිළිබඳ තවමත් අවසන් තීරණයක් නොමැත.

චම්පික රණවක තනතුරෙන් ඉවත් වුණේ දෙසැම්බර් 12 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී ය.

එහිදී අදහස් පළකළ චම්පික රණවක මෙසේ පැවසීය.

‘‘දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ අද වනවිට අලුත් තත්ත්වයන් වලට අප මුහුණ දෙමින් සිටින අතර අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. ෙ

අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා.

නිදහස් අධ්‍යාපනයෙන් හෝ එසේ නොවන ආකාරයකින් බිහිවූ කුසලතා පූර්ණ නව පරපුරට මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන කුසලතාවාදයට මුල්තැන දෙන විධිමත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම වෙනුවෙන් දැවැන්ත සමාජ බලවේගයක් අප නිර්මාණය කරනවා.  

අප නිර්මාණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවෙයි. අද මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක, සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. නමුත් ඒ ගැන අප ඉක්මන් වන්නේ නෑ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩනගපු ව්‍යාජ ප්‍රතිරූප වන්දනාව කඩාවැටෙනකොට, ඔවුන්ගේ සැබෑ ස්වරූපය පේනකොට අද අපිට පේනවා රටේ ජනතාවගේ බලාපොරොත්තු සුන්වී යන ආකාරය. මොකද අපි දැනන් හිටියට මේ රට දැනන් හිටියෙ නෑ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවූ ආකාරය හා එහි පාදමේ සිටි වංචනිකයින් හා දූෂිතයින් ගැන. අද ඒ පක්ෂයේ පරණ සළුපිලි, සාටක, උඩුවියන් අයින් වෙලා එහි සැබෑ නිරුවත ජනතාවට හෙළිවෙමින් තියෙනවා.

මේවන විට බංකොලොත්භාවයට පත්කරවන අපේ රටත්, බිඳ වැටෙමින් යන අපේ ආර්ථිකයත්, දිනෙන් දින වර්ධනය වන දේශපාලන අර්බුදයත්, ගොඩනැගෙමින් පවතින සමාජ අසහනයටත් සෟජුව පිළිතුරු සෙවිය හැකි ප්‍රායෝගිකව ඒවා අපේ රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි ජාතිමාමක, දේශමාමක පිරිසක් සහිත සමාජ දේශපාලන බලවේගයක් බිම්මට්ටමේ සිට ඉහළටම ගොඩනැංවිය යුතුයි.

ඒ වෙනුවෙන් අපට බිම් මට්ටමේ ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි. හොඳ ශක්තිමත් රනින් කළ උඩුවියනක් අපට අවශ්‍යයි ඉදිරියට යන්න. අලෝකමත් ක්‍රියාවලියක්, දැවැන්ත සමාජ ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. එහි විශාල මෙහෙවරක් අපේ රටේ භික්ෂූන් වහන්සේලාට හා තරුණ පිරිසට පැවරෙනවා.’’

එහිදී මේ දක්වා සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණු අතර ඒ වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් නියෝජිත සමුළුවට පැමිණි පක්ෂ සමාජික සාමාජිකාවන්ගේ අනුමැතියට යටත්ව පත්කර ගැණින.

මේ දක්වා එම ධුරවල කටයුතු කළ පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්විය.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතා ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා මහතා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා මහතා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන මහතා ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතා ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැණින.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය අංශය ව්‍යාපාර කිරීමෙන් රටට විශාල ධනයක් අහිමි වුණා – ජනපති

0
ඩී.එස් සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවද එම ක්‍රියාව නංවමින් සිංගප්පුරුව දියුණු රටක් වූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද

0
පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 වනදා පවත්වනවා ද නැද්ද යන්න සම්බන්ධව මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතයි.

රටේ මුදල් විනාශ වූ හැටි රනිල් හෙළි කරයි

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ දර්ශනය අපි ඈත් කළ නමුත් ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා එම දර්ශනය අනුව යමින් සිංගප්පූරුව සංවර්ධිත...

RECENT ARTICLES - ENGLISH

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...

Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,

0
Donald Trump has told advisers that he wants to be handcuffed when he makes an appearance in court, if he is indicted...