27.5 C
Colombo
Wednesday, October 4, 2023

ජැක්සන්ගේ දුවව නිරෝධායනයට ගෙනියන්නේ නැත්තේ ඇයි ?

- Advertisement -

කොළඹ තරු පහේ හෝටලයකදී පවත්වන ලද රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන් දින සැමරුම් උත්සවය සඳහා සහභාගිවූ නිරූපන ශිල්පිනි පියුමි හංසමාලි සහ 13 දෙනෙකු ගෙන් යුත් පිරිසක් නිරෝධායනයට ලක් කිරීම සඳහා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අද සවස යොමු කර තිබෙනවා.

තමන් ඇතුළු පිරිස කොළඹ පිහිටි එක්තරා ප්‍රසිද්ධ හෝටලයක නිරෝධායනය වීම සඳහා අවසර ඉල්ලුවත් ඊට ඉඩ නොලැබුණු බවයි ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කරමින් පියුමි හංසමාලි සඳහන් කර සිටියේ.

වීඩියෝව පහත සබැදියෙන්,

https://fb.watch/5TiAVmys44/

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සම්බන්ධ වූ මෙම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හරිනු ලැබූ අතර අධිකරණ නියෝග අනුව නිරෝධායනය ක්‍රියාවලියකට යොමු කිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර එම සජීවී වීඩියෝව අතරතුර අදහස් දැක්වූ එම පිරිසෙන් අයෙක් විමසාසිටියේ ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියව නිරෝධායනයට ගෙන නොයන්නේ මන්ද යන්නයි.

RECENT ARTICLES - SINHALA

Breaking: සියලු කාර්යාල දුම්රිය අවලංගුයි

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන්, අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය...

රේගුවේ දූෂණය ගැන IMF අප්‍රසාදයෙන්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා තිබෙනවා. ඔහු තවදුරටත්...

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 343 කින්...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...