26 C
Colombo
Sunday, May 19, 2024

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

- Advertisement -

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, අද (07) පාර්ලිමේන්තුවෙදී මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා,

“හෙද සහ ඇතැම් වෛද්‍ය සේවාවල විශ්‍රාම යෑමේ වයස 63 දක්වා දිර්ඝ කිරීමේ තීරණයක් ගත්තා. එය ක්‍රියාත්මක නොවෙන තත්ත්වයට පත්වුණා. දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට රත්නපුරේ තිබෙන හෙද පුහුණු පාසලේ විදුහල්පති විශ්‍රාම ගිහිල්ලා ඊළඟ කෙනාට හෝ වෙන විදුහල්පති කෙනෙකුට වැඩ භාරදෙන්නේ නැතුව දැන් රෝහලට වෙලා ඉන්නවා. මේ 63 ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳව දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාණ්ඩායම් දැන්නෙත් නෑ. වෛද්‍ය අධ්‍යක්ෂ දන්නේත් නෑ. හෙද පුහුණු විදුහලේ කටයුතු පවත්වාගෙන යන්න විදිහකුත් නෑ.”

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා,

“මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් තියෙනවා. එකේදී අපට එකඟවෙන්න කියලා කිව්වේ වයස 61 දක්වා දිර්ඝ කරන්න. ඒ සම්බන්ධයෙන් අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. අවුරුදු 61 වඩා දිර්ඝ කිරීමක් නැහැ.”

මේ අතර, හෙද සේවයට අලුතින් 3,000ක පමණ ප්‍රමාණයක් බඳවා ගැනීමට නියමිත බවත්, ඒ සඳහා අයදුම්පත් කැඳවා සම්මුඛ සාකච්ඡා පවත්වා අවසන් බවත් අමාත්‍යවරයා සදහන් කළා.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ, නුදුරේදීම ඔවුන්ව හෙද සේවයට අනුයුක්ත කළ හැකි බවත්, මේ වනවිට හෙද සේවයේ 45,000ක් සිටින අතර පුරප්පාඩු ඇත්තේ 1,000ක් වැනි ප්‍රමාණයක් බවයි.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...