27.5 C
Colombo
Wednesday, June 26, 2024
spot_img

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීමේ කාලයේ වෙනසක්

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පියවීම සඳහා මෙතෙක් අනුගමනය කළ T+3 ක්‍රමය 2024 ජුනි 10 වැනිදා සිට සංශෝධනය කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී පියවර ගෙන තිබෙන බවට වාර්තා වනවා.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ T+3 ක්‍රමවේදය, ජූනි 10 වන දින සිට T+2 දක්වා සංශෝධනය කරන බවයි.

T+3 ක්‍රමය ලෙස හඳුන්වනු ලබන්නේ යම් කොටස් ගනුදෙනුවක් (Transaction) සිදුවූ විට ඊට අදාළ පියවීම, ගනුදෙනුව සිදු කරන දිනයේ සිට තුන්වෙනි දිනයේ දී සිදුකිරීමයි.

කෙසේ වෙතත් මෙම නව ක්‍රමවේදයට අනුව ,එය ගනුදෙනුව සිදු වූ දිනයේ සිට දින 2ක් දක්වා අඩු කර ඇති බව සඳහන් වනවා.

එමෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායකවරයා පැවසුවේ 2024 ජූනි 07 වන දින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ වන්නේ T+3 ක්‍රමවේදය බැවින් එදින සිදුකෙරෙන ගනුදෙනුවලට අදාළ පියවීම් ද ජූනි 12 වෙනි දින සිදුකෙරනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

විනිසුරුවරුන් පත් කිරීමේ සිද්ධියට අදාළව අතරමැදි පෙත්සම් දෙකක්

අගවිනිසුරුවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ සෙසු විනිසුරුවරුන් පත් කිරීම වළක්වාලමින් ජනාධිපතිවරයා වෙත නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය වෙනස් කිරීම හෝ ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන...

පාස්පෝර්ට් ගැන දැනුම්දීමක්

ජුලි 01 වැනිදා සිට කල් ඉකුත් වන විදෙස් ගමන් බලපත්‍ර වල කාලය වසරකින් දීර්ඝ කර තිබෙනවා. ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ,...

ගුරුවරු හෙට ලෙඩ නිවාඩු

වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් හෙට (26) අසනීප නිවාඩු වාර්තා කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා. ඔහු...

POPULAR ARTICLES

හෙට පාසල් පැවැත්වීම ගැන විශේෂ නිවේදනයක්

පාසල් කටයුතු හෙට (24) දිනයේ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සිය සේවාව සඳහා සේවා ව්‍යවස්ථාවක් සැකසීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

අඩු වයසින් උසස් පෙළ ලියන අයට දැනුම්දීමක්

2006 වසරේ ජනවාරි 31න් පසුව උපන් අයට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම් කළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව...

නිරුවතින් පිහිනන්න ඕස්ට්‍රේලියානුවන් 3000ක් ඇවිත්

ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩා ඉසව්වක් සංවිධානය කර තිබෙනවා. Dark Mofo නමින් හඳුන්වන මෙම ක්‍රීඩා උත්සවයට ක්‍රීඩකයින් 3,000ක්...