සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවමත් COVID 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින බැවින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ඔහු මේ වන විට ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසට කටයුතු කරනවා.
එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහ මහතාද පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබෙනවා.
ඔහු මේ වන විට ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා.

