29 C
Colombo
Saturday, July 27, 2024

හමුදාපතිට අපහාස කළ බව කියන නාලිකාවකට ඔන්ලයින් පනතෙන් තහනමක්

- Advertisement -

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ  නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් මුදා හැරීමේ චෝදනා මත මාර්ගස්ථ ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ  පනතේ 24 වන වගන්තිය ප්‍රකාරව (සමාජ මාධ්‍ය පනත යටතේ) මෙම පැමිණිල්ල ගොනුකර තිබුණා.

ඒ අනුව,  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අදාළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයාට සහ යු ටියුබ්  නාලිකාවට එරෙහිව අද (15) කොන්දේසි සහිත තහනම් ආඥාවක් නිකුත් කළා.

දැනට උඩුගත කර ඇති අපහාසාත්මක හා ද්වේශ සහගත තහනම් ප්‍රකාශ වහාම ඉවත් කරගන්නා ලෙසටද එහිදී මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කර තිබෙනවා.

මෙම නියෝග නිකුත් කළේ යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මහතා පැවරු නඩුවක් සලකා බැලීමෙන් අනතුරුවයි.

එමෙන්ම, ලංකා වී නිවුස් වෙබ් අඩවියට සහ තුෂාර සාලිය රණවක ඇතුළු තිදෙනකුට මෙම ආඥාව නිකුත් කළ අතර  ඇමරිකාවේ  යුටියුබ් ආයතනය සහ ගූගල් සමාගමට අදාල නියෝග සම්බන්ධයෙන් නොතීසි නිකුත් කිරීමටද මෙහිදී නියෝග කළා.

මෙහිදී, එම්. මොහොමඩ් ෆර්ෂාන් මහතා මඟින් ඉදිරිපත් කළ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සිරාෂ් නූර්දීන් මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම අපහාසාත්මක හා අපකීර්තිමත් ප්‍රකාශ ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන බවයි.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...