29 C
Colombo
Sunday, June 23, 2024
spot_img

මුට්ටියකට ඇඳවැටී දරුවෙක් මරුට

- Advertisement -

ගලේවෙල, දිග්ගල ප්‍රදේශයේදී ජලය පිර වූ මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක පමණ කුඩා දරුවෙකු ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සැක පළ කරන්නේ දරුවා සිය මුත්තණුවන්ගේ නිවස පිටුපස ජලය පිරී තිබූ මුට්ටියකින් බෝතලයකට වතුර පිරවීමට උත්සාහ කිරීමේදී එම මුට්ටියට ඇද වැටී මෙම අනතුර සිදුවන්නට ඇති බවයි.

මියගිය දරුවාට තවත් වැඩිමහල් සොහොයුරන් හතරදෙනෙකු සිටින අතර, මව, සිය පියාගේ නිවසට පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

මියගිය කුඩා දරුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ තැපත්කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන්යෙන් ගලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

RECENT ARTICLES - SINHALA

රාජ්‍ය මූල්‍ය කටයුතු ගැන හොයන්න පාර්ලිමේන්තු කාරක සභා 20ක්

රාජ්‍ය මූල්‍ය සහ රජයේ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ආංශික අධීක්ෂණ කාරක සභා 20ක් පිහිටුවා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ...

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ගැන දැනුම් දීමක්

පෙර පාසල් ගුරුවරුන් සඳහා වැඩි කළ දීමනාව, මේ මාසයේ සිට ලබාදෙන බව, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය පවසනවා. විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින්...

මුහුදු යන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (23) පෙරවරු 7.00ට නිකුත්කරන ලද එම නිවේදනය හෙට (24) පෙරවරු...

POPULAR ARTICLES

සියලුම රථවාහන හිමියන්ට විශේෂ දැනුම්දීමක්

පොහොය දිනයන්වල මාර්ග තදබදයක් ඇතිවන ලෙස මාර්ග අවහිරවන සේ වාහන නවතා තබන රියැදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...

උසස් පෙළ අයදුම්කරුවන්ට දැනුම්දීමක්

2024 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ නොකරන බැවින් ඊට පෙර අයදුම්පත්‍ර යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව අයදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා. ජූලි මස...

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...