32 C
Colombo
Friday, March 31, 2023

ChildFund තරුණ උද්දේශකයින් හා එක්ව ජාත්‍යන්තර තරුණ දිනය සමරයි

- Advertisement -

ChildFund Sri Lanka ආයතනය විසින් 2022 වසරේ ජාත්‍යන්තර තරුණ දිනය පසුගිය අගෝස්තු මස 12 සහ 13 යන දෙදින තුළදී  සිය තරුණ උද්දේශන එකමුතුව වන ‘ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ තරුණ එකමුතුව’ (AYEVAC) හා සමඟින් සමරනු ලැබීය. ‘අන්තර් පරම්පරා සහයෝගීතාවය : සෑම වයස් කාණ්ඩයක් සඳහාම ලොවක් නිර්මාණය කිරීම’ යන තේමාව යටතේ මෙම තරුණ හමුව පැවැත්විය. අගෝස්තු 12 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර තරුණ දින සැමරුම සඳහා රටේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.

ඕනෑම ප්‍රජාවක ගැටලුකාරී තත්ත්වයකදී ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට පෙරමුණ ගන්නා ප්‍රජාවේ ඉදිරි පරම්පරාව මොවුන් වන බැවින් තරුණයින් අදහස් සහ තීරණ ගැනීමේදී සමාජය වෙත තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

උද්දේශකයින් ලෙස, එම තරුණයින්ට ඔවුන්ගේ ළමා කාලය තුළදී ගැටළුකාරී වාතාවරණයන්ට මුහුණදීමට සිදුව ඇති බැවින්, ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට වැඩි හැකියාවක් ඔවුන් සතුව පවතින බවත් එම නිසා ඔවුන් ළමුන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ප්‍රබලව ස්ථානගත වී සිටින බවට ChildFund ආයතනයෙහි විශ්වාසය වී තිබේ.

මෙම අවස්ථාව සඳහා ආරාධිත කතිකයා ලෙස සහභාගීව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ කලා පීඨයෙහි, සමාජ විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස් විසින් තරුණ ප්‍රජාව හා පැමිණ සිටි පිරිස අතර අදහස් හුවමාරු කර ගනු ලැබිණි.

අද පරම්පරාව තාරුණ්‍යයේ එක් යුගයක් බවත් තාරුණ්‍යයට ජවය සහ බලය තිබෙන බවත් ඔහු පැවසීය. ‘’ජීවිතය යනු සොබාදහම සහ සමාජය විසින් ලබා දෙන දායාදයක්. තාරුණ්‍යය යනු සමාජය විසින් කරනු ලබන නිෂ්පාදනයක්. තරුණ පිරිස් සෙසු පිරිස්වලට වඩා ඉදිරියෙන් ගමන් කළ යුතු වෙනවා, මොකද එවිට ඔවුන්ට තමන්ව දැකීමට පුළුවන් කම ලැබෙනවා. තරුණයන්ට නිරෝගී සහ සමබර පෞරුෂයක් තිබිය යුතු අතරම එවිට ඔවුන්ට දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පැමිණ සිටි පිරිස සාදරයෙන් පිළිගනිමින් ළමා ආරක්‍ෂණ සහ උද්දේශන විශේෂඥ  කෞෂාල් අත්තනායක විසින් ළමුන්ට ශාරීරිකව සිදුකරනු ලබන දඬුවම් වළක්වාලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධව අදහස් දැක්වීය. තවද අන්තර්ජාලය ඔස්සේ ළමුන්ට සිදුවන ලිංගික සූරාකෑම් හා අපයෝජන වැළැක්වීමේ නීති ප්‍රතිපාදන ශක්තිමත් කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම සහ සහාය ලබා දීම සඳහා AYEVAC හි කාර්යභාරය පිළිබඳව ජාත්‍යන්තර තරුණ දින සැමරුම් උත්සව සභාවේ දී අවධානය යොමු කරමින් හෙතෙම සාකච්ඡාවට ලක් කළේය.

ChildFund Sri Lanka ආයතනය සහ හවුල්කාර ආයතන එක්ව ‘දරුවන් ඉදිරියේ මිනිසුන් වෙමු’ යන තේමා සංකල්පය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් AYEVAC හි උද්දේශන මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා සහය දැක්වීමේ සැලැස්මකට එකඟත්වය පල කර ඇත. එහි ආරම්භක පියවරක් ලෙස ChildFund Sri Lanka ආයතනය විසින් AYEVAC දිස්ත්‍රික් කණ්ඩායම් 25 ට ළමුන් වෙනුවෙන් නම් කර ඇති ඔක්තෝබර් මාසය තුළදී තරුණයින්ගේ ප්‍රමුඛත්වය ඇතිව දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාවට නංවන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සහාය ලබා දෙනු ඇත. දරුවන්ගේ ආරක්ෂණ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සහ ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම මෙහි අරමුණ වේ.

මෙහිදී අදහස් දක්වමින් AYEVAC හි නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක, රොක්ශාන්තන් මහතා මෙසේ පැවසීය. ”ජාත්‍යන්තර තරුණ දිනය පිළිබඳව බොහෝ දෙනෙක් දැනුවත් නැහැ. එම නිසා මෙම උත්සවය සැමරීම හරහා අපගේ ජාලය ශක්තිමත් කිරීමට සහ ළමයින්ට එරෙහි සිදුවන ප්‍රචණ්ඩත්වයන් වැළැක්වීම සඳහා තිරසාර විසඳුම් සෙවීමට සහාය ලබා ගැනීමට  උපකාරී වෙනවා.”

ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ළමා හා තරුණ උද්දේශන ආයතනයක් ලෙස ChildFund Sri Lanka ආයතනය විසින් AYEVAC ආරම්භ කරන ලදී. ළමුන්ට එරෙහිව සිදුවනු ලබන ලිංගික, කායික, මානසික සහ මාර්ගගතව කෙරෙන අපයෝජන වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම මෙම තරුණ එකමුතුවේ අරමුණුවලට ඇතුළත් වේ.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...