31 C
Colombo
Saturday, June 10, 2023

ChildFund Sri Lanka සංවිධානය Covid 19 හදිසි සහන සඳහා සහාය ලබාදීමට ‘Sri Lanka Gives Back’ අරමුදල ආරම්භ කරයි

- Advertisement -

COVID-19 වසංගත තත්ත්වයෙන් අත්මිදීමේ ගමන දිගු හා ඉතා වෙහෙසකර වූ එකක් මෙන්ම අන් කවරදාකටත් වඩා ඉන් ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා ජනතාවට සහාය අවශ්‍ය බව ChildFund Sri Lanka සංවිධානය වටහාගෙන ඇත. ඒ අනුව COVID-19 වසංගතය හේතුවෙන් පැන නගින සහන අවශ්‍යතා සඳහාත් රටේ අනාගත සංවර්ධන අවශ්‍යතා සඳහාත් සහාය දක්වමින් පාර්ශ්වකරුවන් ලෙස අත්වැල් බැඳ ගන්නා ලෙස ChildFund Sri Lanka සංවිධානය මහජනතාවට ආරාධනා කරයි. ඒ වෙනුවෙන් ChildFund Sri Lanka සංවිධානය විසින් සියලු පරිත්‍යාග එකතු කිරීම සඳහා ‘Sri Lanka Gives Back’ සුවිශේෂී අරමුදල් රැස්කිරීමේ වැඩසටහන මෑතකදී ආරම්භ කරනු ලැබිණි.

ChildFund Sri Lanka සංවිධානය ලැබෙන සියලුම පරිත්‍යාග බෙදා දීම සඳහා කැපවෙයි. පොරොන්දු පරිදි ලබාදෙන මුදල් හෝ වෛද්‍ය උපකරණ වශයෙන් ලැබෙන සෑම පරිත්‍යාගයක් සඳහාම, ChildFund Sri Lanka සංවිධානය ඒ හා සමාන මුදල් වටිනාකමක් පරිත්‍යාග කිරීමට හෝ අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කරනු ඇත.

ChildFund Sri Lanka සංවිධානය මෙම ගමන සඳහා මහජනතාවට සහ වෙනත් සංවිධාන හෝ පුද්ගලයින්ට ඔවුන් සමඟ අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරන අතර විශේෂයෙන් අතිශය භයානක තුන්වන COVID-19 රැල්ලේ බලපෑමෙන් ළමයින් සහ ඔවුන්ගේ පවුල් ආරක්ෂා කර ගැනීමේ වටිනා අරමුණ සඳහා නොමසුරුව දායක වන ලෙස ආරාධනා කරයි.

ඒ වෙනුවෙන් COVID-19 සඳහා පිළියම් යෙදීමේ වැඩපිළිවෙළ මත පදනම්ව, වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස පීඩාවට පත් වූවන්ට ජීවන මාර්ගයක් සලසා දීමේ ක්‍රියාවලියක් ඉදිරි මාස හතරක කාලය තුළ ChildFund Sri Lanka සංවිධානය ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර තිබේ. ‘Sri Lanka Gives Back’ යන අරමුදල් සම්පාදන වැඩසටහන යටතේ එකතු කරන අරමුදල් මෙම ප්‍රජාවන්ට ආධාර කිරීම සඳහා යොදා ගැනේ.

මෙම දායකත්වය හරහා ළමුන් සහ ඔවුන්ගේ පවුල් 200,000කට අධික සංඛ්‍යාවක් වෙත ළඟාවීම ChildFund Sri Lanka සංවිධානයේ අරමුණ වී තිබේ. ChildFund දිස්ත්‍රික්ක11ක ග්‍රාම නිලදාරි කොට්ඨාශ 226ක් මෙයට ඇතුළත්ය. ChildFund Sri Lanka COVID-19 හදිසි සහන හරහා 500,000 කට අධික පිරිසකට දේශීය වශයෙන් ප්‍රතිලාභ ලැබෙනු ඇත.

ChildFund Sri Lanka සංවිධානයේ මෙරට කළමනාකරු නාලක සිරිවර්ධන මහතා මේ බව පැහැදිලි කරමින් මෙසේ පවසයි. “ගෝලීය වසංගතයක් ලෙස COVID-19 ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට තර්ජනයක් වන අතර විශේෂයෙන් සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, මූලික අවශ්‍යතා සහ සේවාවන් සහ සමාජීය වශයෙන් ඔවුන්ගේ ජීවිතවල විශාල බාධාවක් ඇති කරයි. අපගේ ‘Sri Lanka Gives Back’ යන අරමුදල් සම්පාදන වැඩසටහන මඟින් මෙම බලපෑම් අවම කිරීම සඳහා කඩිනම් හා පුළුල් මැදිහත්වීමක් ලබා දෙනු ඇත. ChildFund Sri Lanka සංවිධානයේ හදිසි COVID-19 සහන කටයුතුවල නියැලීමට අපි මහජනතාවට, පුද්ගලයින්ට සහ අනෙකුත් පාර්ශවකරුවන්ට ආරාධනා කරන අතරම රටේ ඉදිරි සංවර්ධන වැඩසටහන් සඳහා හවුල්කරුවන් වන ලෙසටද ආරාධනා කරනවා.”

අවශ්‍යතා ඇති ප්‍රජාවන්ට සහාය වෙමින්, ChildFund Sri Lanka සංවිධානය විසින් වඩාත් පීඩාවට පත් පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර, වියළි සලාක, ඖෂධ, මුහුණු ආවරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය යනාදිය සපයනු ලබයි. මෙම ආධාර ලබන්නන්ට වෙනත් ආහාර බෙදා හැරීමේ වැඩසටහන්වලින් මෙවැනි සහායක් නොලැබෙයි.

COVID-19 වසංගතයට එරෙහි සටනේදී පෙරමුණ ගෙන සිටින වෛද්‍යවරුන්, හෙදියන්, ඖෂධවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් තමන්ගේම ආරක්ෂක උපකරණ මත විශ්වාසය පවත්වාගනිමින් කටයුතු කරයි. ඔවුන් සඳහා ChildFund Sri Lanka සංවිධානය විසින් සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක උපකරණ, ආරක්ෂක උපකරණ සහ විෂබීජ නාශක බෙදා හරිනු ලබයි.

ChildFund Sri Lanka සංවිධානය පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය රෝහලේ තාවකාලික COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන, වෛරසයට එරෙහි සටනේදී එම රෝහලේ සෞඛ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා සහාය වී ඇත. එවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන අනෙකුත් ග්‍රාමීය රෝහල්වලද අනාගතයේදී පිහිටුවීමට සැලසුම් කෙරේ.

වසංගතයෙන් පීඩාවට පත් පවුල්වලට ජීවනෝපායන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමටත් ‘නව සාමාන්‍ය’ තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ස්වයං රැකියා හා ආදායම් උත්පාදනය සඳහාත් ChildFund Sri Lanka සංවිධානය සහාය දෙයි.

Global Shapers Kandy Hub, Headstart Pvt. Ltd, John Keells Foundation, Leo Club of Colombo Fort සහ Rotaract Club of University Alumni ඇතුළු පරිත්‍යාගශීලීන් මේ දක්වා ලබාදෙන සහයෝගය ChildFund Sri Lanka සංවිධානය අගය කරයි.

මෙම පෙර නොවූ විරූ සෞඛ්‍ය අර්බුදයෙන් පීඩාවට පත් ජාතියට සහ සියලු ප්‍රජාවන්ට උපකාර කරමින් ChildFund Sri Lanka සංවිධානය අනාගතයේ දී අවශ්‍යතා හඳුනාගෙන තවත් ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට අපේක්ෂා කරයි.

RECENT ARTICLES - SINHALA

සිකුරාදා සහ ඉරිදා දිනවල යාපනයේ උපකාර පන්ති පැවැත්වීම තහනම්

ජුලි 01 වනදා සිට සිකුරාදා හා ඉරිදා දිනවල යාපනය දිස්ත්‍රික්කය තුළ පෞද්ගලික පන්ති නොපවැත්වීමට තීරණය කර තිබෙනවා. යාපනය දිස්ත්‍රික්...

උතුරේ ඉඩම් දෙන්න වෙනම කාර්යාලයක්

උතුරු නැගෙනහිර අධි ආරක්ෂිත කලාප වල ඇති පාරම්පරික ඉඩම් යළි ජනතාවට ලබාදීමේ කටයුතු විධිමත් කිරීම සඳහා ස්ථිර කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.

බස් රථ අනතුරකින් 16 හැවිරිදි සිසුවෙකු මරුට

ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් තිබෙනවා. බදුරලිය පොලීසිය කියා සිටියේ අනතුරෙන් තවත් 10 දෙනෙක්...

RECENT ARTICLES - ENGLISH

Two planes ‘likely collided’ at the airport in Tokyo

0
Two airplanes have “highly likely collided” with each other at the Haneda Airport in Tokyo, Japanese public broadcaster NHK is reporting, citing...

Sri Lankan passenger fined $5,500 for trying to bring plant cuttings into Australia

0
A Sri Lankan traveler to Australia who attempted to hide plant cuttings in the luggage, which also included bananas and flour, was...

China’s multilateral development banks expand efforts to globalize Renminbi

0
China's drive to promote the use of its national currency, the Renminbi (RMB), continues to gain momentum with Multilateral development banks (MDBs)...