31 C
Colombo
Saturday, July 27, 2024

චීනයෙන් ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට ප්‍රතිප්‍රහාරයක්

- Advertisement -

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සහ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් වගකීම් විරහිතව හැසිරෙන බවට චීනය චෝදනා කරයි.

චීන විදේශ අමාත්‍යාංශය සදහන් කරන්නේ දකුණු චීන මුහුදේ අර්බුද සහ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ මානව හිමිකම් සම්බන්ධයෙන් කරැණු දක්වමින් මෙම නායකයන් දෙපළ සිදුකළ ඒකාබද්ධ ප්‍රකාශයට තම ර⁣ට නිල වශයෙන් විරෝධය පළකරන බවයි.

පසුගියදා නවසීලන්තයේ පැවති ද්විපාර්ශවිකව සාකච්ඡාවකින් අනතුරුව ස්කොට් මොරිසන් සහ ජසින්ඩා ආර්ඩන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ.

එහිදී ඔවුන් දකුණු චීන මුහුද ආශ්‍රිතව චීනයේ හැසිරීම හෙළාදුටු අතර ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුවන බව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්ද අදහස් දක්වා තිබිණ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් අනුබද්ධ සංවිධාන විසින් සිදුකරන පරීක්ෂණ සදහා සහය දෙන ලෙසද ඔවුන් එම නිවේදනය මගින් අවධාරණය කර ති⁣බිණ.

මෙම නිවේදනය විවේචනය කරමින් චීන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙය තම රටේ ජාත්‍යන්තර සබදතා ප්‍රතිපත්තියට සිදුකළ අනවශ්‍ය මැදිහත්වීමක් බවයි.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...