27.8 C
Colombo
Thursday, April 25, 2024

ඉන්දියාව සමග ගැටුමේදී සිය නිලධාරින් පහක් මියගිය බව චීනය මුල්වරට පිළිගනියි

- Advertisement -

ලඩාක් ප්‍රදේශයේ ඉන්දීය චීන දේශසීමාවේ පසුගිය ජූනි මස හටගත් ගැටුම්වලින් නිලධාරින් පහක් ඇතුලු තම හමුදා සමාජිකයන් පිරිසක් මිය⁣ගිය බව චීනය මාස අටකට පසු නිල වශයෙන් පිළිගෙන තිබේ.

චීන ආරක්ෂක හමුදාවන්ගේ පුවත්පත වන පීඑල්ඒ ඩේලි පුවත්පත ඊයේ මේ තොරතුරු අනාවරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ගැටුමේදී අවම වශයෙන් චීන හමුදා සාමාජිකයන් 30 දෙනෙකු මියගිය බව ඉන්දියාව ප්‍රකාශ කළ අතර රැසියාවේ ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණේ ඉන් චීන හමුදා සාමාජිකයන් 10ත් 45 ත් අතර පිරිසක් මියගිය බවයි.

කෙසේවෙතත් මෙම ගැටුමේදී තම හමුදාවට වූ හානි පිළිබදව චීනය ඊයේ වනතුරැ කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොතිබීම විශේෂත්වයකි.

මෙම ගැටුමේදී මියගිය ඉන්දීය හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 20 කි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...