28 C
Colombo
Saturday, July 27, 2024

චීනය සහ දකුණු කොරියාව අතරත් මතභේදයක්

- Advertisement -

තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් චීනය සහ දකුණු කොරියාව අතර මේවනවිට මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊට පදනම් වී ඇත්තේ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතිය සම්බන්ධයෙන් දකුණු කොරියානු විදේශ අමාත්‍ය පාක් ජින් ඉකුත් දා පල කර තිබූ අදහස්.

අමෙරිකාවේ නිෂ්පාදිත තාඩ් මිසයිල පද්ධතිය දකුණු කොරියාව තුල ස්ථාපිත් කර ඇත්තේ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේයි.

ඒ විරෝධය මධ්‍යයේ චීනය සහ දකුණු කොරියාව ප්‍රතිපත්ති ප්‍රකාශනයකට එළඹ සිටින අතර එය කරුණු 03 කින් සමන්විත වෙයි.

දකුණු කොරියානු විදේශ අමාත්‍යාවරයා ඉකුත්දා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලධර්ම චීනය වෙත සිදුකරන කැපවීමක් හෝ දෙපාර්ශවය අතර එළගිවිසුමක් නොවන බවයි.

එය හුදෙක් දකුණු කොරියාවේම ස්ථාවරයයේ ප්‍රකාශයක් බව ඔහු පවසා ඇත.

කෙසෙවෙතත් දකුණු කොරියාවේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් චීනය දැඩි අවදානය යොමුකර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් චීනය දකුණු කොරියාවෙන් ඉල්ලා ඇත්තේ අදාල ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලධර්ම ආරක්ෂා කරන ලෙසයි.

එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදිත මිසයිල ආරක්ෂණ පද්ධති තවදුරටත් රට තුල ස්ථාපිත කිරීමෙන් වැළකී සිටින ලෙස ද චීනය දකුණු කොරියාවට අනතුරු අගවා සිටියි.

දකුණු කොරියාව මීට පෙර පවසා තිබුනේ තාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පුලුල් කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

අපි අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නෑ – සුමන්තිරන්

ජනාධිපතිවරණය සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා. එහෙත් ඉදිරි දින කිහිපයේ දී ජනාධිපතිවරණයේ ප්‍රධාන...

අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස ඉදිරියේ දී යම්කිසි රාජකාරි කටයුත්තක් සිදුකළහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර...

මැතිවරණ නීතියට හිස නමා ත්‍රීරෝද රථයට ගොඩ වුණ මෛත්‍රී (වීඩියෝ)

නිදහස් පක්ශයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද (26) දින අතුරුගිරිය පෝරේ විජේදාස රාජපක්ශ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වුණා. මේ සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ත්‍රීරෝද...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

0
පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...