29 C
Colombo
Saturday, July 27, 2024

ඊශ්‍රායලයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකට චීනයේ සිට සයිබර් ප්‍රහාරයක්

- Advertisement -

ඊශ්‍රායලයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසකට චීනයේ සිට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි ජෙරුසෙලම් පෝසට් පුවත්පත වාර්තා කර තිබේ.

ව්‍යාපාරික දත්ත සොරා ගැනීමේ අරමුණින් මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව ද ෆයර්අයි සයිබර් ආරක්ෂණ ආයතනය උපුටා දක්වමින් එම පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

ඊශ්‍රායලයට පමණක් නොව ඉරානය සවුදි අරාබිය ඇතුළු තවත් මැද පෙරදිග රටවල් රැසක ද වැදගත් ව්‍යාපාරික දත්ත රැසක් මේ අන්දමට සොරා ගෙන ඇති බව ෆයර් අයි උපුටා දක්වමින් ජෙරුසෙලම් පෝස්ට් වැඩිදුරටත් වාර්තා කරයි.

චීනයේ සිට සයිබර් ප්‍රහාර එල්ල වීම සම්බන්ධයෙන් රටවල් රැසක් මෑතකදී චෝදනා කළ අතර බටහිර ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව මෙන්ම නෝර්වේ රාජ්‍යයේ පාර්ලිමේන්තුව ද එම ඉලක්ක අතර වූ බව සදහන් විය.

RECENT ARTICLES - SINHALA

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක්. අයෙක් මරුට

නිට්ටඹුව - තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව...

මිල ප්‍රදර්ශනය නොකළොත් වැඩ වරදී

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව...

විකල්ප ඡන්ද මධ්‍යස්ථානවලදී ඡන්දය භාවිත කිරීමට අවසර

ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...