29 C
Colombo
Friday, June 2, 2023

චීනයේ ඇෆ්ගනිස්තාන පිළිවෙත ගැන හෙළිදරව්වක්

- Advertisement -

චීනය කිසිවිටක ඇෆ්ගනිස්තානයට හමුදාමය මැදිහත්වීම් සිදුනොකරනු ඇති බවත් ආර්ථික ක්‍රියාකාරකම් හරහා මැදිහත්වීම් සිදුකරනු ඇති බවටත් වාර්තා පළවී තිබේ.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පසුගියදා තජිකිස්තානයේ පැවති ෂැන්හයි සහයෝගිතා සමුලුවෙන් අනතුරැව මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ චීනය ඇෆ්ගනිස්තානයේ සාමය, ස්ථාවරත්වය සහ ආර්ථික දියුණුව ඇති කිරීමට සහය දෙන බවයි.

කෙසේවෙතත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ චීනය පැරණි සෝවියට් දේශය සහ ඇමරිකාව මෙන් ඇෆ්ගනිස්තාන තුළ නිමක් නොවන යුද්දයකට සම්බන්ධවීමට සූදානම් නොමැති බවයි.

ඒ වෙනුවට තලේබාන් සංවිධානය මෙන්ම ඇෆ්ගනිස්තාන රජය සමගද ගනුදෙනු කරමින් සිය ආර්ථික අරමුණු සාක්ෂාත් කර ගැනීමට චීන කටයුතු කරනු ඇතැයි එම විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් ඇෆ්ගනිස්තානය වැනි රටක එවැනි ආර්ථික අරමුණු ඉටු කර ගැනීමද ⁣පහසු කටයුත්තක් නොවනු ඇති බව අන්තර්ජාතික විශ්ලේෂකයන්ගේ අදහසයි.

ඇෆ්ගනිස්තානය සහ චීනය ගොඩබිම් දේශසීමාවක් ද බෙදාගන්නා අතර එහි දුර කිලෝමීටර් 76ක්.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂක තත්වය මුලුමනින්ම නොතකා හැරීමට චීනයට නොහැකි වනු ඇති බවටද ඇතැම් විචාරකයන් සදහන් කර තිබේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...