චීන – පාකිස්ථාන ආර්ථික කොරිඩෝව හරහා අරාබි මුහුදට සහ පර්සියානු ගල්ෆ් කලාපයට ප්‍රවේශය ලබාගෙන ඇති චීනය යටිතල පහසුකම් ව්‍යාපෘතිවල ආයෝජන තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර තිබේ.
ඒ අනුව පෙෂාවර් සහ කරච්චි අතර දුම්රිය සේවයේ ධාරිතාව සහ කාර්යක්ෂමතාව පුළුල් කිරීමේ සැලසුමක් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
යුරෝපයට අමුද්‍රව්‍ය සහ අර්ධ නිමි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට දුම්රිය යොදා ගැනීම යටත් විජිත යුගයේ පටන් පැවති බව මාධ්‍ය වාර්තාවල සඳහන්.
පැසිෆික් සාගරය සහ පැනමා ඇළ භාවිතා නොකර යුරෝපයට සෘජු මාර්ගයක් සකස් කර ගැනීම ද චීනයේ අරමුණකි