28 C
Colombo
Saturday, April 19, 2025

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන නිදහසට තර්ජනය කරන බවට චීනයට චෝදනාවක්

- Advertisement -

ඕස්ට්‍රේලියාව තුළ පවතින නිදහසේ අධ්‍යාපන ලැබීමට ඇති අයිතියට බාධා කිරීමට චීන බලධාරීන් කටයුතු කරන බවට හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ චීනයේ සහ හොංකොංහි සිට ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපනය ලබමින් සිටින සිසුන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට චීන බලධාරීන් කටයුතු කර ඇති බවයි.

අදාළ සිසුන් ඕස්ට්‍රේලියාවට පැමිණ අධ්‍යාපන ලබද්දී ට්විටර් වැනි සමාජ මාධ්‍ය ගිණුම් විවෘත කර නිදහසේ දේශපාලන අදහස් පළකරමින් කටයුතු කරද්දී චීන බලධාරීන් එම සිසුන්ගේ ඥාතීන්ගෙන් ඒ පිළිබදව ප්‍රශ්න කර තිබෙනවා.

මේ හැරෙන්නට ඕස්ට්‍රේලියාවේ වෙසෙන චීන රජයට හිතවත් පාර්ශවයන් අදාළ සිසුන්ට විවිධ තර්ජන සහ අඩන්තේට්ටම් කරන බවටද හියුමන් රයිට්ස් වොච් සංවිධානය චෝදනා කරනවා.

චීනයේ මෙම හැසිරීම ඕස්ට්‍රේලියාවේ පවතින අධ්‍යාපන නිදහස උල්ලංඝනය කිරීමක් බව සදහන් කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙම තත්වය පාලනය සදහා ඕස්ට්‍රේලියාවද ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...