31 C
Colombo
Saturday, July 27, 2024

චීනය මධ්‍යම ආසියාව දෙසට හැරෙයි

- Advertisement -

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමෙන් පසු මතුවිය හැකි අනාරක්ෂිත තත්වයට මුහුණදීම සඳහා මධ්‍යම ආසියානු රටවල් සමඟ වන සබදතා වර්ධනය කර ගැනීමට චීනය තීරණය කර ඇතැයි වාර්තා වේ.

පසුගියදා චීන විදේශ අමාත්‍යවරයා සහ මධ්‍යම ආසියානු රටවල්වල නියෝජිතයන් අතර පැවති සමුලුවකදී මෙසේ ආරක්ෂක ඇතුලු වෙනත් සබදතා තරකර ගැනීම පිලිබද දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

අදාළ සමුලුවට චීනය සමග තජිකිස්තානය, තුර්ක්මේනිස්තානය, කසකස්තානය, කිර්ගීස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල නායකයෝ සම්බන්ධ වූහ.

සැප්තැම්බර් මස 11 වනදා ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීමට නියමිත අතර ඉන් පසු ඇෆ්ගනිස්තානය, පකිස්තානය ඇතුලු චීනයේ නව සේද මාවත ව්‍යාපෘතියට සම්බන්ධ කලාපයේ අනාරක්ෂිතභාවය වර්ධනය වනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ තත්ත්වය හමුවේ විකල්ප වෙළෙද පහසුකම් කලාපයක් ලෙසත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙසත් චීනය මධ්‍යම ආසියානු රටවල් සමග සබදතා තර කර ගැනීමට කටයුතු කරන බව සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...