26 C
Colombo
Sunday, May 12, 2024

චීනය න්‍යෂ්ටික අවි ගබඩාවක් ගොඩ නැගීම ගෝලීය ස්ථාවරත්වයට බලපෑමක්

- Advertisement -

චීනයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන න්‍යෂ්ටික අවි ගබඩාව ගෝලීය සහ කලාපීය ස්ථාවරත්වයට දක්වන බලපෑම සම්බන්ධයෙන් G7 කණ්ඩායමේ රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ ජපානයේ හිරෝෂිමා නගරයේ න්‍යෂ්ටික නිරායුධකරණය පිළිබඳ සාකච්ඡාවලින් පසුවයි.
SIPRI චින්තන පර්ෂදය ඇස්තමේන්තු කරන්නේ චීනය සතුව න්‍යෂ්ටික යුද උපකරණ 350 ක පමණ තොගයක් ඇති බවටයි.

එක්සත් ජනපදය හා රුසියාව සමඟ සසඳන විට එය සුළු ප්‍රමාණයක් බව ඔවුන්ගේ අදහසයි.

පෙන්ටගනය ඉකුත් නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඇස්තමේන්තුවකට අනුව චීනයේ න්‍යෂ්ටික අවි අංශය වේගයෙන් වර්ධනය වන අතර 2035 වසර වන විට එරට එවැනි යුද උපකරණ 1,500ක් තිබිය හැකි බව දක්වා තිබුණා.

G7 නායකයින් අනතුරු ඇඟවූයේ විනිවිදභාවයකින් හෝ අර්ථවත් සංවාදයකින් තොරව න්‍යෂ්ටික අවි ගබඩාව ව්‍යාප්ත කිරීම ගෝලීය සහ කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් ගෙන දෙන බවයි.

1964 දී සිදුකළ පළමු න්‍යෂ්ටික අත්හදා බැලීමේ සිට, චීනය සංසන්දනාත්මකව සෑහීමකට පත්විය හැකි අවි ගබඩාවක් පවත්වාගෙන ගිය අතර ඔවුන් සහතික වී තිබුණේ ගැටුමකදී න්‍යෂ්ටික අවි භාවිත කරන ප්‍රථමයා තමන් නොවන බවට වගබලා ගන්නා බවටයි.

RECENT ARTICLES - SINHALA

ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ගිලන් වෙලා

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ ගිලන් රථය ධාවනය කිරිමට ටයර් නොමැති විම හමුවේ එම ගිලන් රථය මාසයකට...

කැරට් කැබැල්ලක් සිරවී කුඩා දරුවෙ​ක් මරුට

කැරට් අල කැබැල්ලක් උගුරේ සිරවීමෙන් අවුරුදු එකහමාරක් පමණ වයසැති බිළිදකු මියගොස් ඇති බවට පුවතක් වාර්තාවනවා. පොලීසිය පවසන්නේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේදී සිදු කළ හදිසි මරණ පරීක්ෂණයේදී...

විදෙස් ප්‍රේෂණවල ඉහළ යාමක්

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා තිබෙන අතර අප්‍රේල් මාසයේදී...

POPULAR ARTICLES

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (10) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ගෝවා රු 80, ලික්ස්...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

පොලිස්පතිගේ නිල කාර්යාලයේ සිට ඩයනාගෙන් පොලිස් නිලධාරීන්ට සද්දයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත ධුරයෙන් නෙරපා දැමු බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන ඩයනා ගමගේ මහත්මිය විසින් පොලිස් නිලධාරීන්ට බැන වදිමින් තර්ජනය කිරීමේ සිදුවීමක් පිළිබද වාර්තා වී...