ඇමරිකාව විසින් ටිබෙටයේ ආගමික නිදහස සහ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහය දෙන බවට කරන ප්‍රකාශ සමිබන්ධයෙන් චීනයේ විරෝධය පළව තිබේ.
පසුගිය සතියේ ඉන්දියාවේ ඇමරිකානු විශේෂ නියෝජිත අතුල් කේෂාප් දලායි ලමාතුමාගේ විශේෂ නියෝජිත න්ගොඩුප් නොන්චෙන් හමුවිය.
එහිදී අතුල් කේෂාප් සදහන් කළේ ඇමරිකාව ටිබෙටයේ ආගමික නිදහස සහ සංස්කෘතික ආරක්ෂාව වෙනුවෙන් දිගින් දිගටම උපරිම සහය පළ කරන බවයි.
පසුගියදා ඉන්දියාවේ සංචාරය කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන් ද දලායි ලමාතුමාගේ විශේෂ නියෝජිත න්ගොඩුප් නොන්චෙන් හමුවූ අතර එහිදී ඔහුද මෙම පොරොන්දුව ලබාදෙනු ලැබිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සාඕ ලිජියෑන් සදහන් කර ඇත්තේ මෙය ටිබෙටය චීනයේ කොටසක්,බවට පිළිගන්නේයැයි ඇමරිකාව ලබාදී ඇති පොරොන්දුව කඩකිරීමක් බවයි.