25 C
Colombo
Saturday, December 9, 2023

රුසියාවට ගුවන්යානා කොටස් සැපයීම චීනය ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

යුක්‍රේනයට එරෙහි යුද්ධය හේතුවෙන් බටහිර සම්බාධක එල්ල වීම මධ්‍යයේ බිඳ වැටෙමින් පවතින රුසියානු ගුවන් සේවා අංශයට තවත් පහරක් එල්ල කරමින් චීනය ද රුසියාවට ගුවන් යානා කොටස් සැපයීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වෙනවා.

රුසියානු ප්‍රවෘත්ති ඒජන්සියක් වන Interfax  වාර්තා කර ඇති පරිදි චීනය ගුවන් යානා කොටස් සැපයීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු රුසියානු ගුවන් ප්‍රවාහන ඒජන්සිය වන Rosaviatsiya විසින් ගුවන් යානා කොටස් ලබා ගැනීම සඳහා විවිධ විකල්ප සලකා බලමින් සිටියි.

ඒ අනුව රුසියාව  ගුවන් යානා කොටස් සපයා ගැනීම සඳහා ඉන්දියාව සහ තුර්කිය ඇතුළු වෙනත් රටවල්වලින් ආධාර ලබා ගැනීම පිළිබඳ සලකා බලමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

රුසියානු ගුවන් සමාගම් විසින් භාවිත කරන ගුවන් යානා බොහොමයක් බෝයිං සහ එයාර්බස් යන සමාගම් විසින් නිෂ්පාදනය කරන අතර යුක්‍රේන ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් රුසියාවට ගුවන් යානා අමතර කොටස් සැපයීම නතර කළ බව එම සමාගම් මේ මස මුල දී නිවේදනය කර තිබුණා.මෙම සමාගම්වලට අමතරව ගුවන්සේවා ක්ෂේත්‍රයේ තවත් බොහෝ සමාගම් රට සමඟ ඇති සබඳතා නතර කර ඇති බවයි පැවසෙන්නේ.

මේ අතර බටහිර රටවල් විසින් පනවා ඇති සම්බාධකවලට පළිගැනීමක් ලෙස රුසියාව මේ වන විට ගුවන් යානා සහ ඩ්‍රෝන යානා අපනයනය තහනම් කර ඇතැයි සඳහන් වෙනවා.

RECENT ARTICLES - SINHALA

අයිසීසීපීආර් යටතේ 44කට අධිචෝදනා ගොනු කරලා

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ 2017 වසරේ සිට අත්අඩංගුවට ගත් 219 දෙනකු අතුරෙන් 44 දෙනකුට අධිචෝදනා ගොනු කර ශ්‍රී ලංකා...

ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම ඇරඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉදිකරන ටොන් 4000ක පාවෙන තටාකයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවය ගෝවාහිදී අද (08) පැවැත්වුණා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම...

බදුල්ල – කොළඹ මාර්ගයේ උඩුවර ප්‍රදේශය නායයයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේ මාර්ගය අද (8) පස්වරුවේ නායයාමට ලක්වීමෙන් උඩුවර 6 කනුව ප්‍රදේශයේ මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට...

POPULAR ARTICLES

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...

අද ඇමෙරිකානු ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම්...