25 C
Colombo
Saturday, March 22, 2025

අධික උෂ්ණත්වය නිසා චීනයට රතු එළි

- Advertisement -

චීනයට බලපා ඇති අධික උෂ්ණත්වය හමුවේ එරට ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් මේ දක්වා නිකුත් කර තිබූ රතු නිවේදන යළි අළුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ චීනයේ ගන්සු, ෂන්ක්සි, හෙනන්, අන්වැයි, සිච්වාන්, චොන්ජින්, හුබේ, හුනාන් සහ ෂේජියෑන් යන පළාත්වලට එලෙස අධික උෂ්ණත්වය පිළිබඳ රතු නිවේදන අළුත් කර ඇති බවයි.

එම ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ද ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පවතින තත්ත්වය අනුව අධික උෂ්ණත්වයට මුහුණ දීම සඳහා හදිසි පියවර ගන්නා ලෙසත්, එලිමහන් ස්ථානවල පැවැත්වෙන උත්සව සහ වෙනත් පොදු කටයුතු අත්හිටුවන ලෙසටත්, අවදානම් ඛාණ්ඩවලට අයත් පුද්ගලයින් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් කාලගුණ අංශ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

පවතින තත්ත්වය අනුව උෂ්ණත්වය අධික ප්‍රදේශවලට අවශ්‍ය වුවහොත් කෘතිම වර්ෂාව ලබාදීමටත් අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇතැම් ප්‍රදේශවල ලැව්ගිනි අවදානමක් ද මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES