30 C
Colombo
Thursday, June 8, 2023

මාධ්‍ය මර්දනය ගැන එක්සත් රාජධානියෙන් චීනයට චෝදනා

- Advertisement -

දීර්ඝ කාලයක් හොංකොංහි ක්‍රියාත්මක වූ මාධ්‍ය නිදහස සහ විරුද්ධ මත දැරීමේ අයිතිය,මර්දනය කිරීමට චීනය කටයුතු කරමින් සිටින බවට බ්‍රිතාන්‍යය චීනයට චෝදනා කර ඇත.

බ්‍රිතාන්‍යය විදේශ ලේකම් ඩොමිනික් රාබ් සදහන් කරන්නේ, ඒකාබද්ධ එකගතාවයන්ට අනුව යමින් හොංකොංහි මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට චීනය කටයුතු කළ යුතු බවයි.

1997දී බ්‍රිතාන්‍යය විසින් හොංකොං දේශය ස්වාධීන කලාපයක් ලෙස පවත්වාගෙනයාමේ එකගතාවය මත චීනයට යළි පවරා දුන් අතර එහිදී ඇති කරගත් මූලික එකගතාවයක් වූයේ එහි මාධ්‍ය නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග එළෙසම පවත්වාගෙන යන බවයි.

චීනය එම එකඟතා කඩ කරන බවට මේ වනවිට චෝදනා නැගෙමින් ඇති අතර බ්‍රිතාන්‍යය විදේශ ලේකම්වරයා මෙහිදී යළි සිහිපත් කර ඇත්තේ ඒ පිළිබදවයි.

විදේශ ලේකම් ඩොමිනික් රාබ්ගේ මෙම ප්‍රකාශයට ආසන්නම හේතුව වන්නේ බලධාරීන් විසින් හොංකොංහි පළවන ඇපල් ඩේලි නම් පුවත්පතේ කර්තෘවරයා සහ අධ්‍යක්ෂවරැන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...