ආදීවාසී නායක ඌරුවරිගෙ වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදීවාසීන් පිරිසක් වෙත කෝවිඩ් මර්දන සයීනොෆාම් එන්නතේ පළමු මාතාව ලබාදීම අද (30) දින සිදු කෙරිණි.
එමෙන්ම, ආදීවාසී නායකයා එන්නත ලබා ගත් ආදිවාසීන් අතර පළමු වැන්නා බවට පත්විය.
ඒ, මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්‍ය් ගොඩනැගිල්ලේ දීයි
මේ අනුව, අගෝස්තු මාසයේදී මහනුවරදී පවත්වනු ලබන වාර්ෂික ඇසළ පෙරහැරේ සාම්ප්‍රදායික සමාරම්භක චාරිත්‍රවලට සහභාගී වීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇති බව පැවසේ.
මෙයට සමගාමීව මහනුවර ඇසළ පෙරහැර සඳහා සහභාගි වන කලා ශිල්පීන් හා සහායක පිරීස් ඇතුලු දෙදහසක පමණ පිරිසක් වෙත ද එන්නත් කරණය කිරීම සිදු කෙරේ.
