26 C
Colombo
Sunday, May 19, 2024

රැජිනගේ අවමගුලට ආ චින දූත පිරිසකට තහනමක් හරස්වෙලා

- Advertisement -

වෙස්ට්මිනිස්ටර් හි පැවති II එලිසබෙත් රැජිනගේ අවමංගල උත්සවයට සහභාගී වීම චීන නියෝජිතයින් පිරිසකට තහනම් වූ බවට වාර්තා පළවී තිබේ.

කෙසේවෙතත්, එම තහනම චීන උප ජනාධිපතිවරයා වෙත ක්‍රියාත්මක වී නොමැති බව සදහන් වේ.

චීනයේ උප ජනාධිපති වැන්ග් කිෂාන් සමඟ පැමිණි දූත පිරිසට පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇත්තේ බොරු සහ සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාරලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකුට චීනය විසින් සම්බාධක පනවා තිබීම හේතුවෙන් බව පැවසේ.

රැජිනගේ අවමංගල්‍යයට සහභාගී වීමට උප ජනාධිපතිවරයා බීජිං සිට සැතපුම් 5,000 ක් පියාසර කර පැමිණිය යුතු වූ අතර කථානායක ලින්ඩ්සේ හොයිල්ගේ තීරණය රජ මාලිගයෙන් ස්වාධීනව ගෙන තිබූ බව සදහන් වේ.

මේ පිළිබද කථානායක කාර්යාලය මුලින් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේ එය ආරක්ෂාව පිළිබඳ ගැටළුවක් බව පවසමිනි.

වෙස්ට්මිනිස්ටර් ශාලාව පාර්ලිමේන්තු වතුයායේ කොටසක් වන බැවින්, එය පවතින්නේ කතානායකවරයාගේ පාලනය ය‍ටතේයි.

මෙම පියවර මෑත කාලයේ යම් පීඩනයකට ලක්ව ඇති එක්සත් රාජධානිය-චීන සබඳතා තවදුරටත් පළුදු කිරීමට ඉඩ ඇති බව විදෙස් වාර්තා පවසයි.

RECENT ARTICLES - SINHALA

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...