25 C
Colombo
Sunday, May 19, 2024

චීන සමාගම් පකිස්තානයේ බලාගාර අලුත්වැඩියාවෙන් කරඅරියි

- Advertisement -

ඒකාබද්ධ ජලවිදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් පාකිස්තානය සහ චීනය අතර විශාල විරසකයක් ඇති කරමින් මේ වසරේ ජූලි මස මුල සිට වසා දැමූ තීරණාත්මක නීලම්-ජෙලම් ජලවිදුලි ව්‍යාපෘතිය (NJHPP) අලුත්වැඩියා කිරීම චීන ඉංජිනේරුවන් සහ කාර්ය මණ්ඩලය විසින් අත්හැර දමා ඇති බව වාර්තා වේ.

මෙම බලාගාරය පාකිස්ථාන පාලනය යටතේ ඇති කාශ්මීරයේ මුසාෆරාබාද් අසල පිහිටා තිබේ.

දේශීය විරෝධතා සහ පාකිස්ථාන පොලිසිය විශ්වාසනීය ආරක්ෂාවක් ලබා දීමට අපොහොසත් වීම , ව්‍යාපෘතිය අතහැරීම සම්බන්ධයෙන් වන හේතු ලෙස චීන සමාගම් විසින් පෙන්වා දී ඇති බව සදහන් වේ.

චීනය විසින් ඉදිකරන ලද පාකිස්තාන රුපියල් බිලියන 508ක් වැය වන මෙගාවොට් 969ක නීලම්-ජෙලම් බලාගාරය, උමං මාර්ග අවහිර වීම හේතුවෙන් දිගු ප්‍රමාදයන් සහ පිරිවැය ඉක්මවා ගොස් තිබේ.

බලාගාරයේ ජලය ගඟට හරවා යැවූ කිලෝමීටර් 3.5ක් දිග උමං මාර්ගයක බරපතළ දෝෂයක් මතු වී බලාගාරය සම්පූර්ණයෙන් වසා දැමීමට බල කෙරුණේ රට බරපතළ විදුලි අර්බුදයකට මුහුණ පා සිටි අවස්ථාවකය.

ව්‍යාපෘතිය අතහැර යාම සහ අකාර්යක්ෂම මෙහෙයුම් සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන් චීන සමාගම් වෙත දොස් පවරා ඇතැයි ද විදෙස් වාර්තාවල දැක්වේ.

RECENT ARTICLES - SINHALA

රේගු ලොක්කන්ට කෝට් ගණන් සන්තෝසම් දීලා

රේගු නිලධාරීන්ට සහ රේගුවට තොරතුරු සපයන්නට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රේගු ප්‍රධානීන්ගේ අභිමතය පරිදි    රුපියල් කෝටි 2422 කට වැඩි මුදලක්  2012 වර්ෂයේ සිට 2023...

ඇල්ල – වැල්ලවාය මාර්ග පරීක්ෂා කරන්න කණ්ඩායමක්

නායයාම් සක්‍රීය වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විශේෂ කණ්ඩායමක්, අද (19) ඇල්ල - වැල්ලවාය මාර්ගයේ මලිත්තගොල්ල ප්‍රදේශය බලා පිටත්ව යාමට නියමිත...

පවුලක්ම මරා මුදල් කොල්ලකාලා

සිය බිරිඳගේ බාප්පා, පුංචි සහ ඔවුන් දෙපලගේ දරුවා ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාල්ල පොලීසිය සමත්ව තිබෙනවා. අද (19) අළුයම...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

ජ්‍යේෂ්ඨ පුරවැසියන්ගේ බැංකු තැන්පතු ගැන තීරණයක්

ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලිය ඉහළ නැංවීම පිළිබඳ සොයා බැලීමේ කමිටු වාර්තාව ලබන සතියේ ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා...

දෙහිවල බිහිසුණු අනතුරක්

දෙහිවල මුහුදු මාර්ගයේ ඊයේ (17) රාත්‍රී 7ට පමණ රිය අනතුරක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් වාහන 5කට පමණ අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කොළඹ සිට...