31 C
Colombo
Saturday, July 27, 2024

නීතිපති දෙපාර්තමේන්තුවේ විද්යුත් පුස්තකාලයේ සමරු පලකයට චීන භාෂාව

- Advertisement -

පසුගියදා විවෘත කරන ලද නව නීතිපති කාර්යාලයේ E පුස්තකාලයෙහි සමරු ඵලකය හරහා ජාතික භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝණය වී ඇති බවට චෝදනා එල්ලවනවා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා විසින් අදාළ සමරු ඵලකය විවෘත කර තිබෙනවා.

එම ඵලකයට අනුව ප්‍රථමයෙන් සිංහල භාෂාවත් දෙවනුව ඉංග්‍රීසි භාෂාවත් තෙවනුව චීන භාෂාවත් යොදා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ ඵලකයෙන් දෙමළ භාෂාව ඉවත්වී ඇති අතර ඒ වෙනුවට චීන භාෂාව ආදේශනය වී ඇති බව දක්නට ලැබෙනවා.

මේ පිළිබදව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසන්නේ අදාල ඉලෙක්ට්‍රොනික පුස්තකාලය චීන රජයේ හා චීන ජනතාව විසින් සපයන ලද අරමුදල්වලින් තැනූ ස්ථානයක් බවයි.

එම නිසා අදාළ සමරු ඵලකයට චීන භාෂාව යොදාගනිමින් චීනය කෙරෙහි දැක්වූ කාරුණිකභාවය ඉතා අගය කොට සලකන බවයි තානාපති කාර්යාලය සදහන් කරන්නේ.

RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...