28 C
Colombo
Saturday, May 4, 2024

කොවිඩ් ගැන හෙළි කළ පුද්ගලයෙක්ට තෙවසරකට පසු නිදහස

- Advertisement -

COVID-19 වසංගතය පැතිරීමේදී රෝගීන්ගෙන් පිරී ගිය රෝහල් සහ මළ සිරුරු පිළිබඳ වීඩියෝ දර්ශන ප්‍රචාරය කිරීම නිසා වසර තුනකට පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකු නිදහස් කිරීමට චීන බලධාරීන් සූදානම් වෙමින් සිටි බව ඔහුගේ ඥාතීන් උපුටා දක්වමින් AP වාර්තා කරයි.

පුරවැසි මාධ්‍යවේදීන් ලෙස නම් කරන ලද ෆැන්ග් බින් 2020 මුල් භාගයේදී වසංගතය පිළිබඳ තොරතුරු අන්තර්ජාලයේ සහ සමාජ මාධ්‍යවල පළ කළ අතර, වසංගත පැතිර යෑම පාලනය කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් විවේචනවලට ලක් වූ චීන නිලධාරීන් අපහසුතාවයට පත් කළහ.

සාම්ප්‍රදායික චීන ඇඳුම් අලෙවි කරන්නෙකු වන ෆෑන්ග් ට්විටර් වෙබ් අඩවියේ පළ කළ අවසන් වීඩියෝව වූයේ ‘සියලු පුරවැසියන් ප්‍රතිරෝධය දක්වන්න, බලය ආපසු ජනතාවට භාර දෙන්න’ යන කඩදාසි කැබැල්ලකි.

දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව සම්ප්‍රදායිකව භාවිතා කරන නොපැහැදිලි චෝදනාවක් වන ‘ආරවුල් ඇති කිරීම සහ බාධා කිරීම’ සම්බන්ධයෙන් ෆැන්ග්ට වසර තුනක සිර දඬුවමක් නියම කෙරුණු බව අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙක් AP වෙත පවසා තිබේ.

ෆැන්ග් චීන බලධාරීන් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කරනු ලැබුවේ 2020 පෙබරවාරි මාසයේදීය.

තවත් පුරවැසි මාධ්‍යවේදියෙකු වන ෂැං ෂැන් ද වසංගතයේ මුල් අවධිය ගැන වාර්තා කර ඇති අතර, 2020 දෙසැම්බරයේදී වසර හතරක සිර දඬුවම් නියම කරන ලදී.

මාස අටකට පමණ පසු ඇයගේ නීතීඥවරිය පැවසුවේ දිගුකාලීන උපවාසයේ නිරත වීම හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වී ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...