29 C
Colombo
Sunday, June 4, 2023

චීනයේ ජනප්‍රිය පොප් ගායකයෙක් දූෂණ චෝදනා මත අත්අඩංගුවට

- Advertisement -

ජනප්‍රිය චීන පොප් ගායක Kris Wu බීජිං පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණ චෝදනාවකටයි.

Wu ට චෝදනා එල්ල කරනුයේ ප්‍රබල අන්තර්ජාල ක්‍රියාකාරිනියක ද වන Wu ගේ පෙම්වතිය බව කියන Du Meizhu විසින් වීම විශේෂත්වයක්.

ඇය පැමිණිලි කර තිබුණේ රංගනය සඳහා බඳවා ගන්නා බව පවසමින් Wu බාලවයස්කාරියන් සමග ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන බවටයි.

එල්ල වූ චෝදනා සමග Wu දැඩි ලෙස සමාජ මාධ්‍යයේ විවේචනයට ලක් වූ අතර එම විරෝධය නිසාම ප්‍රබල සන්නාම සමග ඔහුගේ පැවති ගිවිසුම් ද අවලංගු වී තිබෙනවා.

ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කළේ Kris Wu විසින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා යොදා ගැනීමට තරුණියන් නැවත නැවත රැවටීමට ලක් කර ඇති බැවින් දූෂණය සම්බන්ධයෙන් කරන ලද පොලිස් විමර්ශන අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එම විමර්ශන තවදුරටත් සිදුවන බවද පොලිසිය උපුටා දක්වමින් ග්ලෝබල් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

මෙම වාර්තාවන් සමග අන්තර්ජාල ක්‍රියාකාරීන් දැඩි ලෙස කියා සිටින්නේ ජනප්‍රියත්වය නොසලකා ඔහුට එරෙහිව නිසි පරිදි විමර්ශන සිදු කොට දඬුවම් ලබා දිය යුතු බවයි.

මෙම සිද්ධිය කරලියට පැමිණෙන්නේ චීනය තුල පැතිර යන #Metoo ව්‍යාපාරය හා සමගාමීවයි.

2008 සිට චීනය තුළ මෙය ක්‍රියාත්මක වන අතර කාන්තාවන්ට තමන්⁣ට සිදුවූ ලිංගික බලහත්කාරකම් සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට එය මනා වේදිකාවක් සපයන අතර ඇතැම් සිද්ධීන් හා සම්බන්ධයෙන් ප්‍රබල චරිතද ඈඳී තිබුණි.

RECENT ARTICLES - SINHALA

කෝටි 35ක මැණික සොරකම් කළ පුද්ගලයා අත්අඩංගුවට

මීගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකින් සොරකම් කරන ලද රුපියල් කෝටි 35 ක් පමණ වටිනා බව කියන මැණිකක් සහ රුපියල් ලක්ෂ 27 ක් පමණ...

දිස්ත්‍රික්ක තුනකට අවදානම් නිවේදන

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව බදුල්ල, ගාල්ල සහ  කලුතර...

හොරුන්ගෙන් යැපෙන ජනාධිපති හොරු අල්ලන්නේ නෑ – සජිත්

හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට හොරු ඇල්ලීම සිදුකල නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ, උදාවක ඇරඹුම වැඩසටහන යටතේ තිස්සමහාරාම...

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...