28.4 C
Colombo
Thursday, April 25, 2024

අලිබබාට චීනයෙන්ම දඩ

- Advertisement -

සුප්‍රකට අලිබබා සමාගම ඇතුලු චීනයේ තවත් ප්‍රධාන අන්තර්ජාල වෙළෙදාමේ නිරත සමාගම කිහිපයක⁣ට එරෙහිව චීන බලධාරීන් විශාල දඩ මුදලක් පනවා ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෙන්සෙන්ට්, ඩිඩි ටෂින්ග් ඇතුලු සමාගම්වලට එරෙහිව චීන වෙළෙදපළ නියාමන අධිකාරිය මගින් මෙළෙස දඩ මුදල් නියම කර ඇති බවයි.

චීනය තුළ ක්‍රියාත්මක දැඩි අන්තර්ජාල නියාමන නීති කඩකිරීමට අදාළ පැමිණිලි 22ක් විභාග කොට එහිදී වැරදිකරුවන්වීම හේතුවෙන් මෙම සමාගම්වලට ඩොලර් ලක්ෂ 15 කට අධික දඩ මුදලක් පනවා ඇති බව සදහන් වේ.

ඩිඩි ටෂින්ග් සමාගම මගින් පවත්වාගෙන ගිය ඇප් මෘදුකාංගයක් පසුගිය සතියේදී චීන බලධාරීන් විසින් තහනමට ලක්කෙරුණු අතර එහිදී බලධාරීන් ප්‍රකාශ කළේ එම ආරක්ෂාවට අදාළ නීති කඩකිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

මෙම සමාගම් ඇමරිකානු වෙළෙඳපොළ තුළද කටයුතු කරන අතර ඒ සම්බන්ධයෙන්ද චීන බලධාරීන්ගේ විශේෂ අවධානයක් යොමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...