චීනය විසින් අභ්‍යවකාශ ගත කළ ලෝන්ග් මාච් 5 බී රොකට්ටුවේ පහළ කොටස ඉන්දීය සාගරයට පතිත වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම රොකට්ටුව පසුගිය අප්‍රේල් මස 29 වන දින චීනය විසින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මුදාහැර තිබූ අතර එය චීනයේ පාලනයෙන් ගිලිහී ගොස් තිබුණා.
ඒ අනුව එය පෘථිවියට කඩාවැටීමට නියමිතව තිබූවත් එම ස්ථානය නිශ්චිතව සොයාගත නොහැකි තත්ත්වයක් තිබූ නිසාවෙන් ගැටළු රැසක් පැනනැගුණා.
මීට පෙර ද චීනය විසින් යැවු මෙවැනිම ආකාරයේ රොකට්ටුවක් කොස්ටරිකා රාජ්‍යයට කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට හානි සිදුවූ බවද වාර්තා වුණා.