රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කර ගන්නා බවට පකිස්තානයේ පාලක PTI පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් පිරිසකට චෝදනා එල්ල වී තිබේ.
සින්ද් ඇතුළු ප්‍රදේශ ගණනාවක දේශපාලනඥයන් රැසකට එරෙහිව මෙලෙස චෝදනා එල්ල වී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
වාරිමාර්ග ව්‍යාපෘති ආශ්‍රිත පොදු දේපළ වන ඉඩම් මෙම දේශපාලඥයන් විසින් සිය පෞද්ගලික ව්‍යාපාර සහ පරිහරණය සදහා අත්පත් කරගෙන ඇති බව එරට වැසියන් මාධ්‍ය හමුවෙි ප්‍රකාශ කර තිබේ.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාවට සිය ජීවනෝපාය පවත්වාගෙන යාමට අවශ්‍ය අවම ඉඩම් ප්‍රමාණයවත් නොලැබෙන බවටද චෝදනා නැගී ඇත.
එරට ක්‍රියාකාරීන් මාධ්‍ය අමතමින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අගමැති ඉම්රාන් ඛාන් වෙත පැමිණිළි කර ඇතත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.