29 C
Colombo
Friday, June 2, 2023

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයට කොළඹ අගරදගුරු පදවියේ විරෝධය

- Advertisement -

පාස්කු ප්‍රහාරය පිළිබද සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සිදුකළ ප්‍රකාශයට එකඟ නොවන බව කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමා ප්‍රකාශ කරනවා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය කොට්ඨාශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ප්‍රහාරයට සම්බන්ධ සිද්ධීන් 17කට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් විමර්ශනයන් සිදුකරගෙන යනු ලබන බවයි.

ඉන් සිද්ධීන් 09කට අදාළව මේ වන විටත් සැකකරුවන් 32 නෙකුට මහාධිකරණ 09ක නඩු ගොනු කර තිබෙනවා.

ඉතිරි විමර්ශන 08 අවසන් කර සැකකරුවන්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියා සිටියේ.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...