30 C
Colombo
Friday, May 17, 2024

කොළඹ අපරාධ කොට්ඨාශය චමුදිතගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

- Advertisement -

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඊයේ (09) කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිමින් දීර්ඝ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය පැය පහක පමණ කාලයක් ඔහුගේ ප්‍රකාශය සටහන් කර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔහු විසින් පසු ගිය දා පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව මෙසේ කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශය වෙත කැඳවා තිබුණා.

මෙහිදී දුරකථන මාර්ගයෙන් එල්ල කරනු ලැබූ ජීවිත තර්ජනය පිළිබඳ ඔහු විසින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

මෙම තර්ජන එල්ල වූයේ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සාදයක් පිළිබඳ නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳ තමා විසින් ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි අත්අඩංගුවට පත් වීමෙන් අනතුරුව බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

RECENT ARTICLES - SINHALA

සිදු නොවිය යුතු දෙයක් වුණා – ප්‍රසන්න රණවීර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් එදා ‘තමන් අතින් නොවියුතු දෙයක් සිදු වු බව ” කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා. අද...

Breaking: රතුපස්වල වෙඩි තැබුවෙක් නැහැ. සියලු දෙනා නිදොස් කොට නිදහස්

පිරිසිදු පානීය ජලය ඉල්ලමින් රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් සිව්දෙනා නිදොස්කොට නිදහස් කිරීමට...

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම කථානායක හමු වෙයි

උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ එහි නිලධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. උගන්ඩා ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...