26 C
Colombo
Friday, May 17, 2024

කොළඹ උද්ධමනය ඉහළට

- Advertisement -

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන, කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 මාර්තු මාසයේ වාර්තා වූ සියයට 0.9 හි සිට 2024 අප්‍රේල් මාසයේ දී 1.5% ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙනවා.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ උද්ධමනය 2024 මාර්තු මාසයේ වාර්තා වූ 3.8% සිට 2024 අප්‍රේල් මාසයේදී 2.9% ක් දක්වා පහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන්.

තවද, ආහාර නොවන කාණ්ඩය 2024 මාර්තු මාසයේ වාර්තා කළ සියයට -0.5ක වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට සාපේක්ෂව 2024 අප්‍රේල් මාසයේදී සියයට 0.9ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළිත් වැසේ

අධික වර්ෂාපතනයත් සමග ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයට ගල් සහ පස් කඳු කඩාවැටීම හේතුවෙන් අද (17) හවස 08 සිට හෙට (18) උදෑසන 06 දක්වා...

කෘත්‍රීම බුද්ධිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමේ සූදානමක්

කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්ථනයක් සිදුකිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට...

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000ක් මහවැලි ගඟට

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම නිසා දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...