2021 වසරේ පළමු භාගය තුල කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය 155.1 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉඩම් තක්සේරු දර්ශකයේ වැඩි වීම පහළ යාමේ ප්‍රවණතාවයක් පසු ගිය වසර දෙක තුළ දක්නට ලැබුණු නමුත් මෙවර ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රවණතාවක් දක්වමින් 9.5 ක වාර්ෂික වර්ධනයක් ද 6.8 ක අර්ධ වාර්ෂික වර්ධනයක්ද වාර්තා වී ඇත.
එමෙන්ම, තවත් විශේෂත්වයක් වන්නේ, නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක 3හිම ඉහළ යාම මෙම ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා දායක වීමයි.
කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 10.1 ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් නේවාසික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හි ද වර්ධනයන් දක්නට ලැබුණි.


